slc
Home   |    News
දෙසැම්බර් 21, 2020
දකුණු අප්‍රිකානු නායකයා ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි

sinhala editor

පෙර වසරේ පැවැති තරගාවලියට වඩා මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් දස්කම් දැක්වීම කෙරෙහි තම කණ්ඩායමේ ක්‍රීඩකයින් මහත් ඕනෑ කමකින් පසුවන බව පවසන දකුණු අප්‍රිකානු නායක ක්වින්ටන් ඩි කොක්, එදා සිදුවූ වරද නිවැරදි කර ගැනීමට තරග 2 කින් සමන්විත මෙම  තරගාවලිය හොඳ අවස්ථාවක් බව සඳහන් කර සිටියි.

දකුණු අප්‍රිකානු පිල අවසන් වරට 2019 වසරේදී ෆෆ් ඩුප්ලෙසිගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුණ ගැසුණු අතර එම තරගාවලිය 2-0 ක් ලෙස සිය මව්බිමේදීම දකුණු අප්‍රිකානු පිල පරාජයට පත්විය. දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම එම දක්ෂතාවය දැක්වීමට සමත්වීමත් සමඟ ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ නිජ බිමේදී ටෙස්ට් තරගාවලියක් ජය ගනු ලැබූ පළමු අවස්ථාව වශයෙන් එම තරගාවලිය ඉතිහාස ගත විය.

“ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත් වුණු තරගාවලියේදී කණ්ඩායමේ හිටපු සාමාජිකයින් අතරින් මමත්, ෆෆ් ඩුප්ලෙසිත් කණ්ඩායමේ ඉතුරු වෙලා ඉන්නවා ඒ පරාජයේ මතකය තවමත් අපේ හිතේ රැඳිලා තියෙන නිසා එය අපිට මේ වතාවේ නිවැරදි කරගන්න අවශ්‍යයි” යැයි පරාජයේ වාඩුව ගැනීමේ බලාපොරොත්තුවේ අටියෙන් දකුණු අප්‍රිකානු නායකයා අදහස් දැක්වීය.

මාස 18 ක කාලයකින් පසු දෙරට මුණ ගැසෙන මෙම තරගාවලියේ පළමු තරගය ලබන සෙනසුරාදා සෙන්චූරියන්හි සුපර්ස්පෝර්ට්ස් පාක් ක්‍රීඩා පිටියේදී ආරම්භ වනු ඇත. “අපි මේ තරගාවලියේදී ක්‍රීඩා කරන ආකාරයට වඩා දක්ෂ, ආක්‍රමණශීලී විය යුතුයි. අපිට තරගාවලියේ ඉදිරියට යා හැක්කේ එතකොටයි. මේ වෙලාවේ අපි අවස්ථානුකූලව ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා”යි ඩි කොක් පවසයි.

“අපි බලාපොරොත්තු වෙනවා හොඳින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන්න. නමුත් මෙවර අපිට ප්‍රතිවාදීන්ට කළින් අපි ආක්‍රමණශීලී වෙන්න බලාපොරොත්තු වෙනවා. කළින් පැවැති තරගාවලදී අපිට කළින් ආකමණශීලී වුණේ ප්‍රතිවාදීන්. අන්න ඒකයි ඔවුන් අපට වඩා හොඳ වුණේ”යි ඩිජිටල් මාධ්‍ය භාවිතයෙන් පැවැති මාධ්‍ය හමුවකදී දකුණු අප්‍රිකානු නායකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමක් අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ මෙම වසර ආරම්භයේ එංගලන්ත පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී විය. එතැන් පටන් පැවැති සියළුම තරගාවලි අවලංගු වීම නිසා ශ්‍රී ලංකාවට මෙන්ම ඔවුන්ටද තරග වැදීමේ අවස්ථාව අහිමිවිය.

“අපි ඔක්කොම ටෙස්ට් තරග පිටියට පිවිසීමට ඉතාමත් උනන්දුවෙන් සිටිනවා. මේ වසරේදී අපි විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා හිටිය නිසා ආකෘතියෙන් වෙනස්ව ටෙස්ට් පිටියට පිවිසීමට ලැබීම සතුටක්. අපේ ක්‍රීඩකයින් තරග නැතුව බඩගින්නේ හිටියේ. අපි ඉරිදා හොඳ පුහුණු සැසියක් පැවැත්වුවා. එතැනදි අපේ අය ගොඩක් දේවල් ලබා ගත්තා”යි දකුණු අප්‍රිකානු නායකයා සඳහන් කර සිටියේය.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest