slc
Home   |    News
ජනවාරි 24, 2021
තණතීරුවෙන් ලොකු සහයක් ලැබුණා – ඇඹුල්දෙණිය

sinhala editor

Chamila Karawita reporting from Galle

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී දක්ෂතා ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණීමට සමත්වීම නිසා තෙවැනි දිනය නිමා වන විට පළමු ඉනිමේ වාසිය ශ්‍රී ලංකා පිල දෙසට නැඹුරුව තිබීම කැපී පෙනෙයි. ඒ වෙනුවෙන් සෑම ක්‍රීඩකයකුම වාගේ සිය දායකත්වය ලබා දුන් අතර ඒ අතරින් ක්‍රීඩකයින් කීප දෙනෙකු කැපී පෙනුණී. තරගයේ පළමු දින 2 ඇතුළත පිතිකරුවන් කැපී පෙනෙද්දී තෙවැනි දිනයේදී කැපී පෙනුණු එකම ක්‍රීඩකයා වූයේ වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණියය.

තමත් 24 වැනි වියේ පසුවන වමත් පන්දු යවන්නා අද දිනයේදී තම හොඳම පන්දු යැවීම වාර්තා කරමින් එංගලන්ත පිතිකරුවන්ව කරකවා අත හැරියේය. එංගලන්ත නායක ජෝ රූට් දුවද්දී දැවී යෑමකට හසුව දැවී යෑමත් ජොස් බට්ලර්ගේ කඩුල්ල දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත්වීම හැරුණු විට දැවී ගිය ඉතිරි පිතිකරුවන් 7 දෙනාම ඇඹුල්දෙණියගේ පන්දු හමුවේ දැවී ගියේය. දැවී ගිය පිතිකරුවන් 7 දෙනා අතුරින් පස් දෙනෙකුම ලකුණු 15 ක් ලබා ගැනීමට පෙර දවා ගැනීමට මේ තරුණ පන්දු යවන්නා සමත්වූවේය.

“ක්‍රීඩකයෙක් වුණාම ඉස්සෙල්ලාම මනස නිදහස් කර ගන්න ඕන. පුහුණුවීම් කරලා කරලා ලැබිච්චි පන්නරය තමයි මට තරගයේදී කරන්න පුලුවන් වුණේ. පුහුණුවීම් වලදී මම දිගටම මම ස්ථානයක් සලකුණු කරමින් (ස්පොට් බෝලිං) පන්දු යවනවා. ඊට අමතරව දැල් පුහුණුවීම් වලදී පන්දු යවනවා. ඒ කරපු දේවල් තමයි මං අද තරගයේදී කඩුලු ගන්න මට උදව් වුණේ කියලා මම හිතනවා” යි ලසිත් ඇඹුල්දෙණිය තෙවැනි දිනය අවසනදී දැක්වූ දක්ෂතාවය පිළිබඳව අදහස් දැක්වීය.

 වමතින් පන්දු යවන ඇඹුල්දෙණිය හුදෙක්ම සිය ශරීරයේ උස ප්‍රයෝජනයට ගනිමින් පන්දු යැවීම සිදු කරයි. එබැවින් අතින් පන්දුව මුදා හැරීමට ප්‍රථම ඔහු තුළ කාලයක් ඉතිරිව තිබීම, විවිධත්වයෙන් යුතු පන්දු යැවීමට ඔහුට වැඩි අවස්ථාවක් නිර්මාණය කරයි.

“තරගයේදී කරපු දේ ගැන කතා කළොත්, මැච් එකේදී කළේ එකම ලයින් එකක සහ එකම තැනකට පන්දුව පතිත කරන එක. එතනදී පන්දුවේ පොඩි පොඩි වෙනස් කම් කර කර තමයි පන්දු යැව්වේ. තණතීරුවෙන් අපිට මුලින්ම තිබුණේ සාමාන්‍ය උදව්වක් විතරයි. එක තැනකට පන්දුව යොමු කරලා අනිත් දේවල් තණතීරුවෙන් තමයි මම ගොඩක්ම බලාපොරොත්තු වුණේ” යි සිය පන්දු යැවීම පිළිබඳව ලසිත් සඳහන් කර සිටියේය.

“ඇත්තම කිව්වොත් පළවැනි දවස් දෙකේ තණතීරුවෙන් එහෙම දඟ පන්දු යවන්නන්ට ලොකු වාසියක් තිබ්බේ නෑ. එයාලගේ වේග පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වා. තුන්වැනි දවස වෙන කොට තමයි පන්දුව පොඩ්ඩක් දඟ යවන්නන්ට පොඩි වාසියක් ලබා දුන්නේ. නමුත් මං හිතනවා ඉස්සරහට යද්දී තණතීරුව තවත් දඟ කැවේවි කියලා”යි ලසිත් වැඩිදුරටත් සඳහන් කරයි.

මේ තරගය ඇඹුල්දෙණියගේ 9 වැනි ටෙස්ට් තරගය වුවත් ඔහුගේ පන්දු යැවීම වඩාත් පරිණතභාවයක් පෙන්නුම් කරයි. එය වඩාත් සාක්ෂාත් වූයේ දශක කීපයක්ම ගාල්ල ක්‍රීඩාංගණයේ පන්දුවෙන් ජය කෙළි නැංවූ මුත්තයියා මුරලිදරන් සහ රංගන හේරත් දෙපළ ඉනිමක දවා ගෙන තිබෙන වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාවේ සම අයිතිකරුවකු බවට පත්වීමට ඇඹුල්දෙණිය සමත්වීමයි. හෙට දිනය තුළ එංගලන්ත කණ්ඩායමේ ඉතිරිව තිබෙන කඩුල්ල දවා ගැනීමට සමත් වුවහොත් ගාල්ල පිටියේ ඉනිමක් තුළ වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබාගෙන තිබෙන පන්දු යවන්නා බවට පත්වීමට ඇඹුල්දෙණියට අවස්ථාව උදාවේ.

“තව එක කඩුල්ලක් තියෙනවා අපිට දවා ගන්න. හෙට උදෙන්ම අපිට පුලුවන් නම් ලකුණු අඩුවෙන් දීලා ඒ කඩුල්ල දවා ගන්න. මම හිතනවා අපිට තව ලකුණු 200 ක් හෝ ඊට වැඩියෙන් ගන්න පුලුවන් වුණොත් මේ තරගයේදී එංලන්තයට හොඳ අභියෝගයක් ලබා දෙන්න පුලුවන් කියලා”.

“ටෙස්ට පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේදී රූට් පළමු පස් දෙනා අතර ඉන්න පිතිකරුවෙක්. එයාගේ තරග රටාවේ තිබ්බේ හොඳටම ඉස්සරහ කකුලේසහ පස්සේ කකුලේ ගහන්නයි දෙපැත්තට ගහලා ලකුණු ලබා ගන්නයි. එයා ඒක හොඳටම කරනවා. එයාලා එන්න කළින් අපි ගැන හොඳට හොයලා බලල ඇවිල්ලා තියෙන්නේ” යැයි එංගලන්ත කණ්ඩායමේ පූර්ව සූදානම පිළිබඳව තමන් සතු අදහස පිළිබඳවද ඇඹුල්දෙණිය අදහස් දැක්වීය.

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest