slc
Home   |    News
මාර්තු 10, 2021
ඩැරන් සමී පවා කණගාටු වුණු ධනුෂ්ක ගුණතිලකගේ අළුත්ම දැවී යෑම

sinhala editor

By Chamila Karawita

ක්‍රිකට් ක්‍රීඩාවේදී දැවී යෑම් 9 කි. එහෙත් එදිනෙදා අප දකින ක්‍රිකට් ක්‍රීඩාවේදී අපට දැක ගැනීමට හැකිවන්නේ ඒ අතරින් කීපයක් පමණි. එහෙත් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඇන්ටිගුවාහි අද (10 දා) පැවැත්වෙන පළමු එක්දින තරගය අතරතුරදී ඉතාම විරළ ගණයේ දැවී යෑමක් දැක ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදාවිය. ඒ ධනුෂ්ක ගුණතිලකගේ දැවී යෑමයි.

පන්දුව කෙළිම කඩුල්ලේ වැදීම, උඩ පන්දුවක් දී දැවී යෑම, දුවද්දී දැවී යෑම සහ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යෑම වැනි වෙනදා දක්නට ලැබෙන සුළබ දැවී යෑම්වලට වඩා තරමක් ආන්දෝලාත්මක ස්වරූපයක් ගත් එම දැවී යෑම ක්‍රිකට් ක්‍රීඩාවට අනුව ‘පිටියේ පන්දු රකින්නන්ට බාධා කිරීම’ හේතුවෙන් ලබා දුන් එකක් විය.

පන්දු යවන ලද කිරන් පොලාර්ඩ් විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවන් එය දැවී යෑමක් ලෙස සටහන් කිරීම මත එවැනි ආකාරයෙන් දැවී ගිය පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසින් ගුණතිලකගේ නම වාර්තා පොත් අතරට එකතු විය. මෙතෙක් පවත්වා ඇති තරග 4276 ක එක්දින කිකට් ඉතිහාසයේ එවැනි ආකාරයේ දැවී යෑමක් සටහන් වුණු 11 වැනි අවස්ථාව ලෙසින් ගුණතිලකගේදැවී යෑම සටහන් විය.

ශ්‍රී ලංකා ඉනිමේ 22 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද කිරන් පොලාර්ඩ් විසින් යොමු කරන ලද පන්දුව තල්ලු කරමින් ලකුණක් ලබා ගැනීම සඳහා ගුණතිලක පියවර කීපයක් ඉදිරියට පැමිණියද පන්දු යැවූ පොලාර්ඩ් ම පන්දුව වෙත ළඟාවීම නිසා ලකුණ ලබා ගැනීම පසෙක තබා ගුණතිලක නැවතත් සිය සීමා ඉර වෙත පැමිණියේය. එම අවස්ථාවේදී නොදැනීම ගුණතිලකගේ පාදයේ ඇතුල් පැත්තේ වැදුණු පන්දුව ගුණතිලක සමඟම පසුපසට පැමිණි හෙයින් පන්දුව රැක ගැනීමේ අවස්ථාව පොලාර්ඩ්ට අහිමිවිය.

හිතාමතාම ගුණතිලක පන්දු රකින්නන්ට බාධා කළේ යැයි පොලාර්ඩ් කරන ලද ඉල්ලීම තහවුරු කර ගැනීම වෙනුවෙන් තෙවැනි විනිසුරු දක්වා යොමු කිරීමට ප්‍රධාන විනිසුරුවන් දෙපළ කටයුතු කළ අතර එහිදී පිටියේ විනිසුරුවන්ගේ මෘදු සංඥාව ධනුෂ්කගේ හරහට හිටින ලබා දෙන ලදී. ඒ අනුව පුණරීක්ෂණ නිරීක්ෂණය කළ තෙවැනි විනිසුරුගේ තීරණයද පිටියේ විනිසුරුවන්ට එරෙහි නොවූවේය. කෙසේ වෙතත් ලබාදෙන ලද තීරණය සම්බන්ධව බොහෝ දෙනා සමාජ මාධ්‍ය ජාල උපයෝගී කර ගනිමින් විවිධ අදහස් පළ කර සිටින අතර ඒ අතරින් දෙවතාවක්ම විස්සයි-20 ලෝක ශූරතාවය බටහිර ඉන්දීය කොදෙව්වන්ට දිනා දුන් ඩැරන් සමී පවා සඳහන් කර ඇත්තේ ගුණතිලක එය සිතාමතා සිදුනොකළක් බවයි. “කිසිසේත්ම එය හිතාමතා කළ දෙයක් යැයි හිතන්න එපා. මම නම් කීයටවත් ඉල්ලීමක් කරන්නේ නෑ. නමුත්..’ යනුවෙන් සමී ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබේ.

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest