slc
logo
Home   |    News
මාර්තු 5, 2021
වීසා අර්බුදය නිම කරමින් දසුන් ශානක කොදෙව් දේශයට  

sinhala editor

වීසා බලපත්‍රය ලබා ගැනීම සම්බන්ධව ගැටළුවකට මුහුණ දුන් ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායක දසුන් ශානක ලබන 07 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යෑමට නියමිතය. නීරෝධායන කාල සීමාවට යටත්වීමට සිදුවීම හේතුවෙන් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව දසුන්ට අහිමි වන නමුත් එක්දින සහ ටෙස්ට් තරග සංචාරය සඳහා තරග කිරීමේ අවස්ථාව ඔහුට උදාවනු ඇත.

එක්සත් ජනපදය හරහා බටහිර ඉන්දීය කොදෙව් දේශයට යෑමට මීට පෙර කටයුතු යොදා තිබූ නමුත්, විදේශ ගමන් බලපත්‍රයට ඇතුළත්වීම වෙනුවෙන් ලබා දී තිබූ වීසා බලපත්‍රය සහිත ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගත වීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වයට මුහුණ දීමට ශානකට සිදුවිය.

කෙසේ වෙතත් අනතුරුව ප්‍රංශය හරහා අදාළ තරග සංචාරයට සහභාගිවීම සඳහා දසුන්ට අවස්ථාව හිමිව තිබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee