slc
Home   |    News
මාර්තු 22, 2021
හෝල්ඩර්ගේ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් පසුබසියි

sinhala editor

ජේසන් හෝල්ඩර්ගේ ඇතුළු බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දුයැවීම හේතුවෙන් ඇන්ටිගුවාහි ඇරැඹි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වන විටම (21 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම ලකුණු 169 කටසීමා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින කොදෙව් කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 13 ක් ලබා සිටියි.

පිතිකරුවන් තිදෙනකු පමණක් ද්විත්ව ඉලක්කම් සහිතව ලකුණු ලබා ගැනීමට සමත්වද්දී වැඩිම ලකුණු ලාභියා බවට ළහිරු තිරිමාන්න සමත්විය. කොදෙව් පන්දු යවන්නන්ට එරෙහිව ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට නොහැකි වීම මත සිය සහෝදර පිතිකරුවන් පිටියෙන් ඉවත්ව යද්දී තම අන්තය ආරක්ෂා කර ගත් තිරිමාන්න පන්දු 180 කට මුහුණ දෙමින් කණ්ඩායම අසීරුතාවයෙන් මුදවා ගැනීමට දැඩි ප්‍රයත්නයක් දැරීය.

ඉනිමේ 7 වැනි පිතිකරුවා ලෙසින් තිරිමාන් දැවී යන විට ලකුණු 70 ක් රැස්කරගෙන සිටියේය. හතරේ පහර 4 ක් පමණක් ඇතුළත් වුණු තිරිමාන්නගේ ඉනිමට අමතරව නිරෝෂන් දික්වැල්ල පන්දු 76 කදී ලකුණු 32 ක් රැස් කළේය. 7 වැනි පන්දුවාරයේ සිට දඟ පන්දු යැවීම කෙරෙහි බලාපොරොත්තු තැබූ  කොදෙව් නායකයාගේ බලාපොරොත්තු සඵල කළ කෝර්න්වෙල් 11 වැනි පන්දුවාරයේදී නායක දිමුත් කරුණාරත්ව (12) දවා ගත්තේය.

එතැන් පටන් දඩයම ඇරැඹූ කොදෙව් කණ්ඩායම දිවා භෝජනය වන විට කඩුලු 3 ක් දවා ගනිමින් පළමු දිනට සාර්ථක ප්‍රවේෂයක් එක් කර ගැනීමට සමත්වූවේය. ශ්‍රී ලංකා පිලේ දැවී ගිය කඩුලු 10 න් 5 කම හිමිකරුවා බවට පත් වුණු ජේසන් හෝල්ඩර් 8 වැනි වතාවටත් ටෙස්ට් තරගයකදී කඩුලු 5 කට වැඩියෙන් දවා ගත්යේ. ඔහු දවා ගත් කඩුලු අතර ඉනිමේ වැඩිම කඩුලු සම්බන්ධතාවය වශයෙන් සනිටුහන් වුණු 6 වැනි කඩුල්ල වෙනුවෙන් වූ ලකුණු 58 ක් එක් කළ ළහිරු තිරිමාන්නගේ සහ නිරෝෂන් දික්වැල්ලගේ කඩුලු ද ඇතුළත් විය. ඔහුට හොඳ සහායක් ලබා දුන් කෙමාර් රෝච් ලකුණු 47 කදී ඉතිරි කඩුලු 5 න් 3 ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් 155 වැනි ක්‍රීඩකයා ලෙසින් මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනාගත් පැතුම් නිස්සංකටද පිටියේ වැඩි වේලාවක් රැඳී සිටීමට කෙමාර් රෝච් හරස් විය. මුහුණ දුන් 12 වැනි පන්දුවේදී හෝල්ඩර් උඩ පන්දුවක් රැක ගනිමින් පැතුම් පිටියෙන් ඉවතට යන විට ලකුණු 9 ක් ලබාගෙන තිබුණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය යටතේ ප්‍රථමයෙන්ම විස්සයි-20 තරග අංශයෙන් ජාත්‍යන්තර වරම් දිනාගත් පැතුම්, මෙම තරගාවලිය යටතේ එක්දින සහ ටෙස්ට් තරග වරම් දිනා ගැනීම කැපී පෙනෙයි.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest