slc
logo
Home   |    News
අප්‍රේල් 30, 2021
ශතකය අහිමිවීම ගැන ඕෂද ‘කනස්සල්ලෙන්’

sinhala editor

Chamila Karawita reporting from Pallakele

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දින අවසනදී රූපවාහිනී සාකච්ඡාවකට එක් වුණු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසා සිටියේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකාවේ ඉලක්කය ලකුණු 600 ක් ලබා ගැනීම බවයි. ඔහුගේ ප්‍රකශය වඩාත් සාධාරණීය තත්ත්වයක වූයේ පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා පිල එක් කඩුල්ලක් දැවී ලකුණු 291 ක් ලබා සිටි බැවිනි.  එම බලාපොරොත්තුව සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් දෙවැනි දිනය ඇරැඹූ ශ්‍රී ලංකාවට සිදුවූයේ අනෙකකි. නොසිතූ ලෙස පළමු සහ දෙවැනි සැසි වලදී ශ්‍රී ලංකා පිලේ ඉදිරි පෙළේ කඩුලු 5 ක් ලකුණු 69 ක් ඇතුළතදී දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත්විය. එය බලාපොරොත්තු වුණු ඉලක්කය කරා යෑමට නොහැකිවීමට හේතුවූ එක් කාරණයකි. දෙවැන්න දිනයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වයි. අද දිනයේදී යැවීමට නියමිත පන්දුවාර 90 න් අවසන් කළ හැකි වූයේ 65 ක් පමණි. තරගය පැවැති කාල සීමාවේදී විටින් විට වූ අවස්ථා 2 කදී වර්ෂාවෙන් බාධා ඇතිවීමත් අවසන් භාගයේදී තරගය නියමිතවේලාවට කළින් නිමා කිරීමට සිදුවීම දෙවැනි කරුණයි.

“ඇත්තටම අපේ සැලසුම වෙලා තිබුණේ කොහොම හරි අද දවසෙදි පන්දුවාර 15 ක් හෝ 20 ක් විතර එයාලට (බංග්ලාදේශයට) දෙන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියේ. කලුවර වෙලා දෙපාරක් විතර නවත්තන වුණා. ඒකෙන් තමයි අපේ බලාපොරොත්තු පොඩ්ඩක් පස්සට ඇදුණේ. එක ලඟ විකට් දෙක තුනක් ගිය නිසා මැදදි මායි පැතුම්වයි පොඩ්ක් හිර වුණා. ඉතිං ඒකත් එක්ක අරමුණ කරා යන්න බලපෑවා. හවස් වරුවේ වැස්සත් එක්ක තමයි සැලසුම් අවුල් වුණේ” යැයි තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඕෂද ප්‍රනාන්දු සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි ඕෂද අද දිනයේදී ලකුණු 81 ක් ලබා ගැනීමට සමත්වූවේය. ඕෂද පිටියේ රැදී සිටියද බංග්ලදේශ පන්දු යවන්නන් ග්‍රහණය තර කරමින් පන්දු යැවීමට සමත්වීම නිසා ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය අද දිනයේදී ඉතාමත් පහළ මට්ටමක පැවැතිණ. මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි නිරෝෂන් දික්වැල්ල පන්දු 64 කදී වේගවත් ලකුණු 64 ක් ලබා ගැනීමට සමත්වීම නිසා ලකුණු ලබා ගැනීමේ වේගයට තරමක් අස්වැසිල්ලක් ලැබිණ.

“එයාලා හොඳටම උදේ වරුව බොල් කළා. ඒක තමයි ලකුණු එන්න ටිකක් පරක්කු වුණේ. මට හිතුණු විදියට එයාලා ගොඩක් ලයින් ඇන්ඩ් ලෙන්ත් හොඳට බෝල් කළා. උදේ වරුව අවුවක් තිබ්බෙත් නෑ. මං හිතන්නේ ඒ හින්දා ඔවුන්ගේ උපරිමයම දාලා පන්දු යැව්වා” යැයි පවසන ඕෂද පළමු දිනට වඩා තණතීරුවද තරමක් මන්ද ගාමී ස්වරූපයක් ගෙන ඇති බව සඳහන් කර සිටියේය.

” ඔව්. ඊයේට වැඩිය අද විකට් එක පොඩ්ඩක් ස්ලෝ ගතිය තිබුණා. ඒ කියන්නේ බැට් එකට බෝලෙ ආවේ පොඩ්ඩක් ඉඳලා වගේ. මං හිතනවා විකට් එක හෙට අනිද්දා වෙන කොට වගේ හොඳ දඟ කැවීමක් තියෙයි කියලා” යැයි ඕෂද පවසයි.

පිතිකරණ ලැයිස්තුවේ ස්ථාන කීපයකම ක්‍රීඩා කර ඇති ඕෂද මේ වන විට කණ්ඩායමේ අංක 3 පිතිකරුවාගේ ස්ථානයෙන් පන්දුවට පහර දෙනු ලබයි. 2019 වසරේදී පාකිස්තානයට එරෙහිව කරච්චි නුවරදී සිය මංගල ශතකය රැස් කරගැනීමට සමත්ව සිටින දකුණත් පිතිකරුවා අවස්ථා කීපයකදීම ශතකයක් ලබා ගැනීමේ අභියසටම පැමිණ දැවී ගොස් තිබේ. අද දිනයේදීද ඔහුට සිදුවූයේ එවැන්නකි. ලකුණු 81 ක් ලබා සිටියදී ස්වීප් පහරක් එල්ල කිරීමට යෑමේදී අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත්වීමට ඕෂද ට සිදුවිය.

ඒ පිළිබඳවද අදහස් දක්වා සිටි ඕෂද, එම අවස්ථාවන් මඟ හැරීම කණගාටුවට කරුණක් වී තිබෙන බවයි. ” ඇත්තටම ශතකය අහිමිවීම ගැන ගොඩක් කණගාටුයි. මම වෙස්ට් ඉන්ඩීස්වලදිත් 91 ට අවුට් වුණා. මේ මැච් එකෙත් 81 යි. බැට්ස්මන් කෙනෙක් වුණාම මීට වැඩිය ලකුණු ටිකක් ලබා ගන්න තිබ්බා කියලා මට හිතෙනවා” යි ඕසද පවසයි. කෙසේ වෙතත් කණ්ඩායමේ පිතිකරුවන් ලකුණු අතරට පැමිණීම කණ්ඩායමක් වශයෙන් ඉතාම සුභදායී ලකුණක බවද ඕෂදගේ අදහසයි.

“අපි අවසන් කාලයේදී ගොඩක් හොඳට පුහුණුවීම් සිදුකළා. මම දැක්ක විදියට අවසන් තරගාවලි කීපයේදීම අපි හොඳට සූදානම් වුණු නිසා තමයි හොඳින් තරග කිරීමට අවස්ථාව ලැබුණේ. අපි කණ්ඩායමක් විදියට ඉදිරියට ඇවිල්ලා තියෙනවා නම් ඒක තමයි එකම හේතුව” යැයි ඕෂද සඳහන් කර සිටියි.

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee