slc
logo
Home   |    News
ජනවාරි 16, 2022
ශ්‍රී ලංකාවට ලකුණු 297 ක ඉලක්කයක්

sinhala editor

Chamila Karawita reporting from Pallekele

පන්දු 88 කදී ගොඩ නැංවුණු ලකුණු 80 ක පළමු කඩුල්ලේ සාර්ථක සම්බන්ධතාවත් සමඟ ලකුණු රැස් කිරීම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායමට ෂෝන් විලියම්ස්ගේ පස්වැනි ශතකයත් එකතුවීම නිසා නියමිත පන්දුවාර 50 අවසන් වන විට ලකුණු 297 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව හමුවේ තැබීමට සිම්බාබ්වේ කණ්ඩායමට අද (16 දා හැකියාව ලැබිණ. පන්දුවාර 10 ක් යැවීමේ බලාපොරොත්තු ඇතිව අද තරගයට ක්‍රීඩා කරවූ වේග පන්දු යවන චාමික ගුණසේකරගේ සේවය එක් පන්දුවාරයකට සීමා වීම, සිම්බාබ්වේ පිතිකරුවන්ට වාසියට හේතුවිණ. මන්ද යත් ඉතිරි පන්දුවාර 9 යවා අවසන් කිරීම සඳහා අතිරේක පන්දු යවන්නන්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා නායකයාට සිදුවීම නිසාය.

පිටියට පිවිස පස්වැනි ලකුණ ලබා ගැනීමත් සමඟ සිය එක්දින තරග දිවියේ 4000 වැනි කඩ ඉම ඉක්මවා ගිය වමත් විලියම්ස් සිම්බාබ්වේ මැද පෙළේ පූර්ණ වගකීම භාර ගත්තේය. 50 වැනි පන්දුවාරයේදී දැවී යන විට ලකුණු 100 ක් ලබා සිටියේ පන්දු 87 කට මුහුණ දෙමිනි. ශතකය වාර්තා කිරීමට පෙර චාමික කරුණාරත්නට පිට පිට පන්දු 2 කදී එල්ල කරන ලද හයේ පහරත් හතරේ පහරටත් අමතරව තවත් හතරේ පහර 8 කින් සහ හයේ පහරකින් විලියම්ස් ඉනිම සරසාගෙන තිබුණේය.

වනිඳු හසරංගගේ ස්ථානය සඳහා පැමිණි ජෙෆ්රි වැන්ඩර්සි පළමු කඩුල්ලේ හිමිකරුවා බවට පත්වූෆය් ටයිකානෝව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමිනි. පිතිකරුවන්ට වාසි දායක තණතීරුවේදී කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් කිසිදු පැකිළීමකින් තොරවම පන්දුවට පහර දීමට තීරණය කළේය. එහෙත් අද දිනයේ පන්දුවට පහර දීමට පැමිණි පිතිකරුවන් හයදෙනාගෙන් ලකුණු 10 ඉක්මවාලීමට අසමත්වූ එකම පිතිකරුවා වූයේ සිම්බාබ්වේ නායකයා (09) පමණි.

නායකයාගේ දැවී යෑමත් සමඟ චකබ්වාට එකතු වූ විලියම්ස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක් එක් කළේය.වෙස්ලි මදිවර සමඟ සිව්වැනිකඩුල්ලට ලකුණු 42 ක් එක් කළ විලියම්ස්, සිකන්දර් රාසා සමඟින් පස්වැනි කඩුල්ලටද ලකුණු 46 ක් එක් කරමින් සිම්බාබ්වේ පිල ස්ථාවරත්වයක් වෙත රැගෙන ගියේය. මුලු ලකුණු සංඛ්‍යාව 285 ක්ව තිබියදී චාමිකගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා වලියම්ස්ට පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

සිම්බාබ්වේ කණ්ඩායමෙන් අද දිනයේදී එක්දින වරම් දිනා ගත් ටකුඩ්වනේෂ් කයිටානෝ පළපුරුදු පිතිකරුවකුගේ දක්ෂතා විදහා පාමින් පන්දු 50 කදී ලකුණු 42 ක් රැස් කොට රෙගිස් චකබ්වාට ලබා දුන් සහයෝගය අනර්ඝවිය. මුල් පන්දුවාර 10 දී එතරම් වේගවත් නොවූවත් ලකුණු 47 ක් රැස් කළ ආරම්භක පිතිකරුවන් යුගල ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට ගත් උත්සාහයේදී කෝඩුකාරයා දැවී ගියේය. පන්දුවට පහර දෙන අතරතුර ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දවා ගැනීම සඳහා අවස්ථාවන් 2 ක් ලබා දුන් නමුත් දෙකම චරිත් අසලංකත් පැතුම් නිස්සංකත් අතිනි ගිලිහී ගියහ. මේ අතරින් දැවැන්තම හානිය බවට පත්වූයේ තෙවැනි පන්දුවාරය යැවූ නුවන් ප්‍රදීප්ගේ පන්දුවකට ස්ලිප් ස්ථානයේ පන්දු රැකි අසලංක වෙත ලබා දුන් උඩ පන්දුව ගිලිහී යෑමය. ඒ වන විටත් ලකුණු 02 ක් පමණක් ලබා සිටි රෙගීස් චකබ්වා, උඩපන්දුව ගිලිහී යෑමෙන් ලද වරමින් සිය සිව්වැනි අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තා පමණක් නොව ඉනිම ලකුණු 72 ක් දක්වා ඉහළටද දමා ගත්තේය. පන්දු 81 ක් වැය වුණු එම ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් වර්ණවත්විණ. දෙවැනි උඩ පන්දුව වූ කයිටානෝගේ උඩ පන්දුව නිස්සංක වෙතින් ගිලිහී ගියද ඔහුට රැස් කරගත හැකි වූයේ ලකුණු 4 ක් පමණි.

පන්දු යැවීමේදී චාමික කරුණාරත්න වැඩිම කඩුලු ලාභියා වෙමින් කඩුලු 3 ක් දවා ගත්තද ඔහුගේ පන්දුවාර 10 දී ලකුණු 69 ක් උදුරා ගැනීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත්වූහ. සිම්බාබ්වේ ඉනිමට යැවූ පන්දුවාර 50 අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 8 දෙනෙකුගේම සේවය ලබා ගත් අතර ඉන් වැන්ඩර්සි සහ නුවන් ප්‍රදීප් කඩුලු 2 බැගින් දවා ගත්හ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee