slc
logo
Home   |    News
මාර්තු 23, 2022
සිව්දින තරගාවලියේ අවසන් 4 ට එන්න ජැෆ්නා – දඹුල්ල අතර සටනක්

sinhala editor

By Chamila Karawita

නැෂනල් සුපර් ලීග් 2022 සිව්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටයේ අවසන් සති අන්තය එළැඹෙත්ම අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට තේරී පත්වීමට කණ්ඩායම් 3 ක් සමත්ව සිටිති. කැන්ඩි, කලම්බු සහ ගෝල් කණ්ඩායම් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට කළින්ම සුදුසුකම් ලබා ගනිද්දී සිව්වැනි කණ්ඩායම කවුරුන්ද යන්න තේරීම හෙට (24 දා) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ජැෆ්නා සහ දඹුල්ල අතර තරගයේ තීරණය පත පදනම් වනු ඇත.

ගෙවී ගිය සති අන්තයේ පැවැති තරගවලින් අනතුරුව ප්‍රකාශයට පත් කරන ලද ප්‍රසාද ලකුණු සටහනට අනුව ජැෆ්නා කණ්ඩායම ලකුණු 19.875 ක් ලබා ගනිමින් සිව්වැනි ස්ථානයේ රැදී සිටින නමුත් පස්වැනි ස්ථානයේ පසුවන දඹුල්ල කණ්ඩායම අතර පවතින ප්‍රසාද ලකුණු සංඛ්‍යාවේ පරතරය වන්නේ 6.66 ක් වේ. ප්‍රසාද ලකුණු 13.215 ක් ලබා දඹුල්ල පිල පස්වැනි ස්ථානයේ රැඳී සිටින නමුත් හෙට ඇරඹෙන තරගයේ ජයග්‍රාහකයින්ට මාර්තු 31 වැනි දින ආරම්භ වන අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබනු ඇත.

පන්දුවාර 50 තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ජැෆ්නා කණ්ඩායම සමත් වුවද සිව්දි තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකිවීම කැපී පෙනෙයි. තවද පළමු තරග සඳහා ක්‍රීඩා කළ සධීර සමරවික්‍රම, දුනිත් වෙල්ලාලගේ සහ සසික දුල්ශාන් කොවිඩ් වෛරසය ආසාධනය වීම නිසාත් පෞද්ගලික හේතූන් මත ඉෂාන් ජයරත්න කණ්ඩායමෙන් ඉවත්වීම මත ඔවුන්ගේ සහාය හෙට තරගයේදී ජැෆ්නා පිලට අහිමි වනු ඇත.

කෙසේ වෙතත් ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ඇතුළත් වුණු නිත්‍ය නායක ධනංජය ද සිල්වා සහ ජෙෆ්රි වැන්ඩර්සි හෙට තරගය සඳහා තරග වැදීමට සූදානමින් පසුවෙති. ඔවුන්ට අමතරව ගීත් කුමාර සහ දිලුම් සුධීර කණ්ඩායමේ අවසන් 14 දෙනා අතරට පැමිණ සිටිති.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee