slc
logo
Home   |    News
අප්‍රේල් 28, 2022
ශ්‍රී ලංකා පිලට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් නෙදර්ලන්ත කණඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ඇන්ටන් රූක්ස් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මාර්තු මස 07 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි රූක්ස් ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ඇත.

දකුණු අප්‍රිකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසින් ක්‍රීඩා කොට ඇති රූක්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ධුරයට අමතරව සෙසු සිය සියලුම ජාතික කණ්ඩායම්වල මෙන්ම ඉහල කාර්ය සාධන මධ්‍යස්ථානයේ පන්දු රැකීම භාරව කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සම්බන්ධවීමට පෙර රූක්ස් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන නොටිංහැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ සහාය පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ඇත. ඇමරිකාවේ නිව්යෝක් නුවර උපත ලබා ඇති රූක්ස් 40 වැනි වියේ පසුවේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee