slc
logo
Home   |    News
ජූනි 3, 2022
ක්‍රීඩකයින් ගැන සිතා වැස්සෙන් හානිවූ තරග නැවතත් පවත්වයි  

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ වර්ෂාව හේතුවෙන් තීරණයක් නොමැතිව හෙවත් ඒකම පන්දුවක් හෝ නොයැවූ තරග නැවතත් පැවැත්වීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.

එළැඹෙන අගෝස්තු මසදී පැවැත්වීමට බලාපොරොත්තු වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම, අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා මත පදනම්ව සිදුකෙරන බැවින් වර්ෂාව හරස්වීම හරහා ක්‍රීඩකයින්ට සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවී ඇතැයි ක්‍රිකට් ආයතනයේ විශ්වාසය වී තිබේ.

එබැවින් ඉදිරි සතියක කාලයක් ඇතුළතදී පැවැත්වීමට නොහැකිවූ සියලුම තරග පවත්වා අවසන් කිරීමට තරගාවලි සංවිධායක කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන 15 වැනිදාත් අවසන් මහ තරගය 17 වැනිදාත් පැවැත්වීමට සැලසුම් යොදා තිබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee