කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පාකිස්තානයට එරෙහි දෙවැනි දෙවැනි ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ.
රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සාකච්ඡා කොට ඉහත තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ගෙන තිබේ. දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන 24 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.