slc
Home   |    News
ඔක්තෝබර් 17, 2022
වර්ෂාවට සේදුණු සති අන්තයේදී ශතක 5 ක්

sinhala editor

ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් ලීග් තුන්දින ක්‍රික‍ට් තරගාවලියේ ඉරිදා (16) අවසන් වූ සති අන්තයේ තරග අතුරින් පිතිකරුවන් පස් දෙනෙකු ශතක වාර්තා කිරීමට සමත්වූහ. ඒස් කැපිටල් කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 113ක් ද, බී. ආර්. සී. කණ්ඩායමේ ලියෝ ෆ්‍රැන්සිස්කෝ ලකුණු 103ක් ද යුද හමුදාවේ ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 123 ක් සහ එම කණ්ඩායමේ මහේෂ් කුමාර නොදැවී 111 ක් ද සහ පොලීසියේ හේෂාන් ධනුෂ්ක නොදැවී ලකුනු 100ක් ද ශතක ලාභී පිතිකරුවෝ වූහ.

පන්දු යැවීමේ දී සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ තරුෂ ප්‍රනාන්දු බී. ආර්. සී. සමග ලකුණු 92ක ට කඩුලු හතක් ද ටැමිල් යූනියන් කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු බ්ලූම්ෆීල්ඩ් සමග ලකුණු 37ක ට කඩුලු පහක් ද එස්. එස්. සී. කණ්ඩා‍යමේ ප්‍රභාත් ජයසූරිය කැන්ඩි කස්ටම් සමග ලකුණු 54ක ට කඩුලු පහක් ද යුද හමුදාවේ කෞමාල් නානායක්කාර නාවික හමුදාව සමග ලකුණු 46ක ට කඩුලු පහක් ද දවාලූහ.

  • ඒස් කැපිටල් බදුරලිය විසඳුමින් තොරයි

ඒස් කැපිටල් මුල් ඉනිම කඩුලු 4192 (පන්දුවාර 42) (ඕෂද ප්‍රනාන්දු 113* නිකඩ් කාදම් 41 චලන ද සිල්වා 94/3 අනුක් ප්‍රනාන්දු 31/1)

බදුරලිය මුල් ඉනිම කඩුලු 265 (පන්දුවාර 19යි) (දුනිත් ජයතුංග නොදැවී 27 විෂාර ප්‍රනාන්දු 23 සිතුම් දිසානායක 13/2)

  • නුගේගොඩ සරසන්ස් ජය පැරදුමෙන්  තොරයි

නුගේගොඩ මුල් ඉනිම කඩුලු 4177 (පන්දුවාර 56යි) (රුමේෂ් බුද්ධික නොදැවී 57, මුර්ටාසා ට්‍රන්ක්වාල් 49, දිල්හාර පොල්ගම්පල 33, සඳුන් මෙන්ඩිස් 53/2 දුෂාන් විමුක්ති 55/1)

සරසන්ස් මුල් ඉනිම කිසිවෙකු නොදැවී 19 (පන්දුවාර 5යි)

  • බ්ලූම්ෆීල්ඩ් ටැමිල් යූනියන් ජය පරාජ නෑ.

බ්ලූම්ෆීල්ඩ් මුල් ඉනිම සියල්ල දැවී 107යි (පන්දුවාර 35.3යි) (ළහිරු මධුශංඛ 24 යොහාන් ද සිල්වා 23 ගජිත කො‍ටුවේ 20 රවීන් ද සිල්වා 31/3 දිලුම් සුධීර 24/2)

ටැමිල් යූනියන් මුල් ඉනිම 215යි (පන්දුවාර 39.1යි) (කමේෂ් නිර්මාල් 54 රොන් චන්ද්‍රගුප්ත 26 සධීර සමරවික්‍රම 23 සුපුන් කාවින්ද 59 ළහිරු මධුශංඛ 34/3 මධුක ලියන පතිරනගේ 76/2)

බ්ලූම්ෆීල්ඩ් දෙවන ඉනිම කඩුලු 128 (පන්දුවාර 7යි) (යො‍හාන් ද සිල්වා 15යි)

  • බී. ආර්. සී. – සෙබස්ටියනයිට්ස් ජය පැරදුමෙන් තොරයි

බී. ආර්. සී. මුල් ඉනිම 262 (පන්දුවාර 67.3)  (ලියෝ ෆ්‍රැන්සිස්කෝ 103, තිලකරත්න සම්පත් 62, සචින්ත පීරිස් 35 මල්ක මධුශංඛ නොදැවී 19 තරුෂ ප්‍රනාන්දු 92/7 සචින් ජයතිලක 15/2)

සෙබස්ටියනයිට්ස් කඩුලු 9162යි (පන්දුවාර 48යි) (සචිත ජයතිලක 51 යොහාන් ද සොයිසා 29 සස්රික පුස්සගොල්ල 21 තරුෂ ප්‍රනාන්දු 22 සචින්ත පීරිස් 53/2යි සම්පත් තිලකරත්න 33/4)

  • චිලව් මේරියන්ස් ගුවන් හමුදාව ජය පරාජ නෑ.

චිලව් මේරියන්ස් මුල් ඉනිම කඩුලු 6ට 292 (පන්දුවාර 72යි) (රවීන් යසස් 95 අනුජ් ජෝටින් 89 ස්වප්නිල් ගුගේල් 44 කසුන් විදුර 27 ගයාන් සිරිසෝම 98/3 ලසන්ත රුක්මාල් 58/3)

  • කැන්ඩි කස්ටම් එස්. එස්. සී. ජය පරාජ නෑ.

කැන්ඩි කස්ටම් මුල් ඉනිම සියල්ල දැවී 160 (පන්දුවාර 55.2යි) (රශ්මික මධුශංඛ නොදැවී 55, ඉයන් ඩේල් සිං 48 හරිඳු ජයසේකර 16 ලක්සිත මනසිංහ 46/3යි)

එස්. එස්. සී. කඩුලු 4134යි (පන්දුවාර 26යි) (නුවනිඳු ප්‍රනාන්දු 35 ලක්ෂිත මනසිංහ 35 මනෝජ් සරත්චනද්‍ර නොදැවී 28, නිපුන් ධනංජය 23 උමේෂ් චතුරංග 53/2 සචිත්‍ර පෙරේරා 27/2යි)

  • කුරුණෑගල යූත්කෝල්ට්ස් තරගය ජය පරාජ නෑ.

කුරුණෑගල යූත් මුල් ඉනිම කඩුලු 6155 (පන්දුවාර 57.4යි) අසිත වන්නිනායක 66, අසන්ත බස්නායක 29, ගයාන් මනීෂාන් 17 ධනුෂ්ක ධර්මසිරි 17 ජෙහාන් ඩැනියල් 17/2 සංගීත් කුරේරා 6/1යි)

  • යුද හමුදාව නාවික හමුදාව ජය පරාජ නෑ.

යුද හමුදාව මුල් ඉනිම කඩුලු 4271ට‍ (පන්දුවාර 61යි) (ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 123 මහේෂ් කුමාර නොදැවී 111 නවීන් කවිකාර 103/4යි)

නාවික හමුදාව මුල් ඉනිම 106යි (පන්දුවාර 30.3යි) (සහන් කෝසල 29 මිනෝද් පෙරේරා 26 සුපුන් ලීලාරත්න 16 කෞමාල් නානායක්කාර 46/5යි ලක්ෂාන් එදිරසිංහ 25/3යි)

නාවික හමුදාව දෙවන ඉනිම කඩුලු 3ක් දැවී 11යි (පන්දුවාර 4යි) (කවිඳු රනසිංහ 08, කෞමාල් නානායක්කාර 11/2යි)

  • පානදුර නිගම්බු ජය පරාජ නෑ.

පානදුර මුල් ඉනිම කඩුලු 9300 (පන්දුවාර 86.4යි) (පවන් ද සිල්වා 50 රොෂාන් විජේනායක 39 අභිෂේක් ගුප්තා 43 නිමේෂ් විමුක්ති 59 කො‍සාන් ධනුෂ්ක 38 චානුර ප්‍රනාන්දු 50/3 ජේටින් සක්සේනා 72/2යි උපුල් ඉන්ද්‍රසිරි 106/3යි)

  • පොලිසිය ලන්කන් ජය පරාජ නෑ.

පොලිසිය මුල් ඉනිම කඩුලු 4222 (පන්දුවාර 65යි) (හේෂාන් ධනුෂ්ක නොදැවී 100 නදීර බාලසූරිය 31 චාමර සිල්වා 18යි යසිරු රුද්‍රි‍ගෝ 40/1යි ගීත් කුමාර 24/1)

ලන්කන් කඩුලු 2ක් දැවී ලකුණු 03යි (පන්දුවාර 5යි) (චතුර රන්දුනු 0/2)   

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest