slc
logo
Home   |    News
නොවැම්බර් 25, 2022
නුවනිඳු සහ මිලාන් ශ්‍රී ලංකා පිලට

sinhala editor

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද මූලික සංචිතයේ වෙනසක් සිදුකරමින් නුවනිදු ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක එක් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.

තරගාවලිය ආරම්භයට දිනකට පෙර එක්දින තරග අංශයේ විවේකයක් අවශ්‍ය බව පවසමින් තරගාවලියෙන් ඉවත් වුණු භානුක රාජපක්ෂ වෙනුවෙන් නුවනිඳු ප්‍රනාන්දුව ද වම් කලවයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් නවක වේග පන්දු යවන්නකු වන මිලාන් රත්නායකව ද එක් කිරීමට පියවර ගෙන තිබේ.

මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන මිලාන් රත්නායක කුරුණෑගල, වාරියපොල ශ්‍රී සුමගංල විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ වූවෙකි. තවමත් 26 හැවිරිදි වියේ පසුවන දකුණත් වේග  පන්දු ය වන්නා මුවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමු පෙළ එක්දින තරග 23 කදී කඩුලු 24 ක් දවා ගැනීමට සමත්වී තිබේ.

කණ්ඩායමට එක්ව සිටින අනෙක් ක්‍රීඩකයා වන නුවනිදු ප්‍රනාන්දු තවමත් 23 වැනි වියේ පසුවන්නේය. දේශීය පළමු පෙළ එක්දින තරග 21 කට ක්‍රීඩා කළ ඇති නුවනිදු ලකුණු 748 ක් රැස් කිරීමට සමත්ව ඇත්තේ ඉනිමක සාමාන්‍ය 35.61 ක් රඳවා ගනිමිනි. ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරනු ලබන විශ්ව ප්‍රනාන්දුගේ බාල සහෝදරයා වන නුවනිඳු ශතක 2 ක් සහ අර්ධ ශතක 4 ක් ද සමඟින් ප්‍රහාරාත්මක වේග 86.57 ක් රඳවා තබා ගැනීමට සමත් වන්නේය. නුවනිදු මෙම වසර මුලදී පවත්වන ලද නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ දක්ෂතම පිතිකරු සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.

මිලාන් රත්නායක මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්ව පුහුණුවීම් කටයුතු වල නිරත වන අතර නුවනිදු ප්‍රනාන්දු අද (25 දා) රාත්‍රියේදී කණ්ඩායම සමග එක්වීමට නියමිතය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest