slc
logo
Home   |    News
නොවැම්බර් 10, 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පෙනී සිටීමට කිසිවකුටත් අවසරය ලබා දී නෑ

sinhala editor

කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි චෝදනා කරමින් ඔස්ට්‍රේලියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටිමින් කිසිදු ආකාරයක ප්‍රකාශයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකාවේ සිටින කිසිදු නීතිඥයකුට බලය පවරා හෝ එවන් නීතිඥයකු වෙතින් සේවා ලබාගැනීමට කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි.

ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය අළලා ඔහු වෙනුවෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටින්නේය යන අර්ථය හැ‌ඟවන පරිදි නීතිඥයකු විසින් සිදුකරන ලද ප්‍රකාශය පදනම් කරමින් ඉහත කරුණු පැහැදිළි කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සිදු කිරීමට පියවර ගනු ලැබීය.

එම තත්ත්වය මත එකී නීතිඥවරයා විසින් සිදුකරන ලද එවැනි ප්‍රකාශයන් හෝ එම ප්‍රකාශවල සත්‍යතාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු වගකීමක් නොදරන බවද වැඩිදුරටත් දැනුම් දී සිටියි.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest