slc
Home   |    News
ජනවාරි 15, 2023
වැඩි වගකීම පිතිකරුවන් කර මතට  

sinhala editor

ඉන්දීය තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග වදිනු ලබන අවසන් එක්දින තරගය ජනවාරි 15 වැනිදා ඉන්දියාවේ කේරළහි තිරුවානන්තපුරහි ග්‍රීන්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසි දායක වුවත් ගෞරවය රැක ගැනීම විනා තරගාවලි ජයග්‍රහණයක් සදහා එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවනු ඇත.

තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ පළමු සහ දෙවැනි තරග 2 ම ජයගැනීමට ඉන්දීය පිල සමත්ව සිටින බැවින් ඔවුහු තෙවැනි තරගයට පිවිසෙන්නේ තරගාවලිය 2-0 ක් ලෙස ජය වාර්තා කරමිනි. එබැවින් ඔවුනට මෙම තරගයේදී කණ්ඩායමේ අත්හදා බැලීම් සඳහා අවකාශ හිමිවද්දී ශ්‍රී ලංකා කණ්ඩායම පෙර සඳහන් කළාක් මෙන් ගෞරවාන්විත තරගාවලි අවසානයක් බලාපොරෝතතුවෙන් තරගයට අවතීර්ණ වනු ඇත.

අදාළ තරගයේදී ශ්‍රී ලංකා පිල රැගෙන එන ධනාත්මක කරුණ වන්නේ බ්‍රහස්පතින්දා තරගයේදී පන්දු යවන්නන් සිය දක්ෂතා අතරට පැමිණීමට සමත්වීමේ විශ්වාසයයි. පන්දු යවන්නන් කෙතරම් හොඳින් පන්දු යැව්වද ප්‍රබල පිතිකරුවන් රැසකගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමට නම් ශ්‍රී  ලංකා කණ්ඩායම තවත් ලකුණු 50 කින් ලකුණු පුවරුව පෝෂණය කළ යුතු බව සිහියේ තබා ගත යුතුය. එසේ වුවහොත් පමණක් සිය පන්දු යවන්නන්ට ඉන්දීය පිතිකරුවන්ට අභියෝගයක් ලබා දීමේ හැකියාවක් පවතිනු ඇත.

පළමු තරගයේදී ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියද දෙවැනි තරගයේදී දුනිත් වෙල්ලාලගේ පිතිකරුවකු ලෙස ලද සාර්ථකත්වය ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් විය. ඒ වගේම ළහිරු කුමාරද සිය වේගය උපරිමය භාවිතා කර පන්දු යැවීම දෙවැනි තරගයේදී කැපී පෙනුණි. ඔවුන්ගේ උපරිමයට යෑමට නම් පිතිකරුවන් කෙසේ හෝ ලකුණු පුවරුවේ ලකුණු රැඳවිය යුතුමය.

මේ පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු වන ක්‍රිස් සිල්ලවර්වුඩ් පවා සඳහන් කර සිටියේය. “ඉන්දියාව වගේ කණ්ඩාමකට එරෙහිව සමව තරග වැදීමට නම් තරගකාරී ලකුණු සංඛ්‍යාවක් ලබා දීමට මැද පෙළේ සිටින ජ්‍යෙස්ඨ පිතකිරුවන් ඉදිරියට පැමිණ වගකීම ගන්න ඔ්නෑ” යැයි සිල්වර්වුඩ් සඳහන් කර සිටියේය.

දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් 17 වැනි පන්දුවාරය වන විට කඩුල්ලකට ලකුණු 102 ක් තරම් සාර්ථක ආරම්භයක් ලබා ගත්තද 40 වැනි පන්දුවාරය අවසන් වීමට මත්තෙන් ලකුණු 215 කට සීමා වීය.

“ඉනිම මැදදි වුණා වගේ අපේ කඩුලු බිඳ වැටෙන්න බැහැ. හෙට තරගයේදී අපේ ලකුණු සංඛ්‍යාව ඉහළට රැගෙන යෑමට මැද පෙළේ ඉන්න ජ්‍යෙෂ්ඨ කීඩකයින් වග බලාගන්න ඔ්නෑ. එහෙම වුණොත් අපිට ඉන්දියාවට අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ලබා දීමට හැකියාව ලැබෙනවා. පසුගිය තරග වලදී එහෙම දෙයක් වුණේ නෑ” යැයි සිල්වර්වුඩ් සඳහන් කර සිටියේය.

“අපි හොද ආරම්භයක් ලබා ගත්තා. නමුත් දඟ පන්දු යවන්නන් පැමිණිමත් සමඟ අපි කඩුලු බිඳ වැටී පීඩනයක් ලක් වුණා. ඇත්තටම පළමුව ඔවුන පන්දු යවන ආකාරය, ඔවුන් සටන් වදින ආකාරය වගේම අපිව පීඩනයට ලක් කළ ආකාරය පිළිබඳව ඉන්දීය කණ්ඩායමට ගෞරව හිමිවිය යුතුයි. ඒ කඩුලු අහිමිවීම නිසා සියල්ල අපිට අහිමි වුණා යැයිද ප්‍රධාන පුහුණුකරු වැඩිදරුටත් සඳහන් කර සිටියේය.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest