slc
logo
Home   |    News
සැප්තැම්බර් 12, 2023
ශ්‍රී ලංකා යෞවනයෝ ප්‍රබල තත්ත්වයක

sinhala editor

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී අද (12) ආරම්භ වූ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දූපත් දෙවන, සිව්දින යොවුන් ක්‍රිකට් තරගයේ දී ප්‍රථම ඉනිමේ දී කොදෙව් යෞවනයන් ලකුණු 127කට දවාලු ශ්‍රී ලංකා යෞවනයෝ දිනය නිම වන විට කඩුලු 4කට ලකුණු 191ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවූහ. ඒ් අනුව  මේ වන විට ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු හයක් ඉතිරිව ලකුණු 64ක් ඉදිරියෙන් සිටියි.

මේ ක්‍රීඩාංගණයේදීම පැවැති ප්‍රථම යොවුන් තරගයේ මුල් ඉනිමේ දී ලකුණු 78කට කඩුලු හයක් දවාලු විහස් තෙව්මික අද දිනයේ ද විශිෂ්ට දස්කම් දක්වමින් ලකුණු 43කට කඩුලු පහක් දවා දැක් වූ දස්කම් මත කොදෙව් ඉනිම ලකුණු 127ක දී නිමා වූයේ දිවා ආහාරයෙන් පන්දුවාර නවයකට පසුවය.

පිළිතුරු ලෙස ප්‍රබල පිතිහරඹයක නියැලුණු ශ්‍රී ලංකා යොවුන් ඉදිරිපෙළ පිතිකරුවන් අතුරින් කැපී පෙනුණු රුසඳ ගමගේ ලකුණු 58ක් ද රවිෂාන් ද සිල්වා ලකුණු 43ක් ද සහ පුළිඳු පෙරේරා ලකුණු 41ක් ද රැස් කළේ ඉනිම ආරම්භයේදීම ලංකා පිල ස්ථාවර තත්ත්වයකට ගෙන එමිනි.

කැපී පෙනුණු සබඳතාවයන් පැවැත් වූ පුළිඳු සහ රවිෂාන් දෙවන කඩුල්ලට ලකුණු 51ක් ද තෙවන කඩුල්ලට රුසඳ සහ රවිෂාන් ලකුණු 72ක් ද එක් කිරීමට සමත් වූහ. මීට අමතරව පස් වන කඩුල්ලට නොදැවී ලකුණු 40ක සබඳතාවයක් තබාගෙන සිටින්නේ දිනුර කළුපහන (නොදැවී 23) සහ සරුජන් ෂන්මුගනාදන් (නොදැවී ලකුණු 21)ය.

කාසියේ වාසිය දිනූ නාදන් සීලි තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදීමටය. ආරම්භක පිතිකරුවන් දෙදෙනා ස්ටීවන් පැස්කල් (28) සහ ස්ටීව් වේඩ්න්බර්න් (24) මුල් විකට්ටුවට ලකුණු 57ක් රැස් කරමින් හොඳ ආරම්භයක් ලබා ගත්තත් දඟපන්දු යවන විහස් තෙව්මික පන්දු යැවීමට කැඳවීමත් සමඟ ඔවුනගේ කඩුලු බිඳ වැටුණේ ළඟ ළඟමය.

තෙව්මික එවූ පන්දුවකට ස්ටීව් වේඩ්න්බර්න් එල්ල කළ උඩපන්දුව පුළිඳු පෙරේරා විසින් දක්ෂ ලෙස රැක ගැනීමෙන් ඔවුනගේ ප්‍රථම කඩුල්ල ලකුණු 57ක දී දැවී ගියේ පන්දුවාර 16.4ක් තිබිය දී ය. වේඩ්න්බර්න් ලකුණු 24ක් රැස් කළේ පන්දු 45කට මුහුණ දී හතරේ තුනක් සමඟය.

අනෙක් ආරම්භක පිතිකරු ස්ටීවන් පැස්කල් මුළු ලකුණු 66ක දී (පන්දුවාර 20.5 දී) තෙවන කඩුල්ල ලෙසට තෙව්මිකගේ පන්දුවකටම දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු 28කට ය. පන්දු 69කට මුහුණ දී මොහු එල්ල කළ හතරේ සංඛ්‍යාව හතරකි.

විහස් තෙව්මික දිවා ආහාරය වන විට පන්දුවාර නවයක් යවා ලකුණු 29කට කඩුලු තුනක්ම දවාලමින්, පන්දු යවන්නන් අතර කැපී පෙනුණි. තෙව්මික දිවා ආහාරයට පෙර දවාලු තෙවැනි කඩුල්ල වූයේ ඩෙවන්ලි ජෝශප් (00) කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කිරීමෙනි.

එක් අන්තයක කඩුලු බිඳ වැටෙන් විට වේගවත් පිතිහරඹයක් දියත් කළ අංක හතර පිතිකරු ජෝර්ඩ්න් ජෝන්සන් නොදැවී ලකුණු 20ක් රැස් කරගෙන සිටියේ පන්දු 16කට පමණක් මුහුණ දී හතරේ දෙකක් සහ හයේ පහරක් ද එල්ල කරමිනි.

දිවා ආහාරයෙන් පසුව කොදෙව් කණ්ඩායමේ ඉතිරි කඩුලු හතර තවත් ලකුණු 38ක් එක් වන විට දැවී ගියේ පන්දුවාර 9.3ක් තුළ දී ය.

කොදෙව් යොවුන් කණ්ඩායමේ ප්‍රථම ඉනිම ලකුණු 127කට (පන්දුවාර 36.4) සීමා වූයේ ලංකා යොවුන් කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම සහ පන්දු රැකීම හමුවේය.

දිවා ආහාරය වන විට නොදැවී ලකුණු 20ක් ලබා සිටි ජෝර්ඩ්න් ජොන්සන් පමණක් සුපුරුදු පරිදි වේග පහර එල්ල කරමින් කණ්ඩායමේ අවසාන පිතිකරුවා තෙක් කඩුල්ලේ රැඳී සිට දැවී ගියේ පන්දු 49කට මුහුණ දී හතරේ හයක් සහ හයේ දෙකක් සමඟ ලකුණු 52ක් ලබා ගනිමිනි.

සවස තේ පානය වන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 15.2කට පමණක් මුහුණ දී කඩුලු 2කට ලකුණු 63ක් ලබා ප්‍රබල තත්ත්වයක පසු වූයේ කොදෙව් මුල් ඉනිමට වඩා තවත් ලකුණු 64ක් (කඩුලු අටක් ඉතිරිව) පමණක් පිටු පසින් පසු වෙමිනි.

තේ පානය වන විට ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පුළිඳු පෙරේරා දුවද්දී දැවීමට හසුව ලකුණු 41කට දුවද්දී දැවීමට හසුව දැවී ගිය අතර රවිෂාන් ද සිල්වා පන්දු 38ක දී හතරේ තුනක් සමඟ නොදැවී ලකුණු 20ක් ලබා සිටියේය.

ලකුණු පුවරුව

බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායම මුල් ඉනිම 127 (පන්දුවාර 36.4)

(ජෝර්ඩ්න් ජොන්සන් 52, ස්ටීවන් පැස්කල් 28, ස්ටීව් වේඩ්න්බර්න් 24, විහස් තෙව්මික 43/5, මල්ෂා තරුපති 16/3, කවීෂ පියුමල් 32/1යි).

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම ප්‍රථම ඉනිම කඩුලු 4ට 191 (පන්දුවාර 51යි).

(රුසඳ ගමගේ 58, පුළිඳු පෙරේරා 41, රවිෂාන් ද සිල්වා 43, දිනුර කළුපහන නොදැවී 23, සරුජන් ෂන්මුගනාදන් නොදැවී 21, ඩෙෂොන් ජේම්ස් 26/1, ඉෂායි ත්‍රෝන් 38/1යි).

Active filters

Recent Posts

  • පියුමි වත්සලාගෙන් ශතකයක්: සුගන්ධිකා පතිරණගෙන් ලකුණු 5ට කඩුලු 6ක්
    කාන්තා ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පානදුර – බදුරලිය – යුද හමුදා – කෝල්ට්ස් – ගුවන් හමුදා ජය ලබති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා […]
  • සීසීසී කාන්තා පිලට ලකුණු 148ක දැවැන්ත ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පන්දු 55කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 62ක් ලැබූ කොළඹ ක්‍රිකට් සමාජයේ (සීසීසී) කෞෂනී නුත්‍යාංගා […]
  • මහනුවර පරාජය කළ ගාල්ල දෙවැනි තැනට
    කොළඹ උතුරෙන් දඹුල්ලට ප්‍රහාරයක් මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ […]
  • බී.ආර්.සී. – නුගේගොඩ ජය ගනිති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) දිනයේදී ජයග්‍රහණ දෙකක් අත්කර ගැනීමට බී.ආර්.සී. සහ නුගේගොඩ කණ්ඩායම් සමත් විණි. මොවුන් මෙම […]
  • සධීර, කුසල් සහ ධනංජයගෙන් කැපී පෙනන දස්කම්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (18) දිනයේ විශේෂ සිදුවීම් වූයේ ටැමිල් යුනියන් – සෙබස්ටියනයිට්ස් තරගයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ […]
USD United States (US) dollar

Pin It on Pinterest