slc
logo
Home   |    News
ජනවාරි 3, 2025
බාළිකා තරගාවලියේ තරග පැවැත්වෙන දිනවල සංශෝධනයක්

sinhala editor

ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 4 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි සංශෝධනයක් සිදු කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා වයස අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ මූලික සැලසුම අනුව පළමු තරගය ජනවාරි මස 03 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණත් තරග පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේ පවතින තෙත බරිත තත්ත්වය හේතුවෙන් එම දින සංශෝධනය සිදු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව තරගාවලියේ පළමු තරගය ජනවාරි 05 වැනිදා ද දෙවැනි තරගය ජනවාරි 06 වැනිදාද කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. අනතුරුව තෙවැනි තරගය ජනවාරි 08 වැනිදා මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේදීද සිව්වැනි තරගය ජනවාරි 09 වැනිදා කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar