slc
logo
Home   |    News
August 6, 2019
Match ticket sale for the New Zealand Tour of Sri Lanka commences

Sri Lanka Cricket

Media Release

06th August, 2019

The match tickets for the ‘New Zealand tour of Sri Lanka’ is now available online and can be purchased by visiting srilankasrilankacricket.lk

Whilst the tickets will also be sold via the counters at the SLC Headquarters, Galle Cricket Stadium and the Pallekele International Cricket Stadium, as follows.

  • SLC Headquarters – Ticket sale opens on the 07th August, 2019.
  • Galle Cricket Stadium – Ticket sale opens on the 11th August, 2019
  • Pallekele International Cricket Stadium – Ticket sale opens on the 27th August, 2019

Ticket Price for the New Zealand Tour of Sri Lanka is as below.

Test Matches (LKR – PER TICKET) T20I (LKR PER TICKET)
300 500
500 2000
750 4000
1000 5000
4000  

නවසීලන්තයට එරෙහි සටනේ ප්‍රවේශ පත්‍ර අළෙවිය ඇරඹෙයි

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන ටෙස්ට් සහ විස්සයි/20 ක්‍රිකට් තරග සදහා ප්‍රවේශ පත්‍ර අළෙවිය ආරම්භ කිරීමට ශ්‍රී ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන අතර එම ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩෙවිය srilankasrilankacricket.lk  ඔස්සේ ලබාගැනීමේ හැකියාව ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට උදාවී තිබේ.

මීට අමතරව ක්‍රීඩා ලෝලීන්ගේ පහසුව තකා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ ඇතුළු තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ කිහිපයක ප්‍රවේශ පත්‍ර කවුළු පිහිටුවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. ඒ අනුව ලබන 07 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ ද ලබන 11 වැනිදා සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද සහ ලබන 27 වැනිදා සිට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව ක්‍රිකට් රසිකයින්ට උදාවනු ඇත.

අදාළ තරග සංචාරය යටතේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරග 2 කට විස්සයි/20 තරග 3 කට සහභාගිවීමට නියමිතය. දෙරට අතර ටෙස්ට් තරගාවලිය ලබන 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන 22 වැනිදා කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

එම තරගාවලියෙන් පසු පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි/20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සැප්තැම්බර් 01 දාද දෙවැනි තරගය සැප්තැම්බර් 03 දාද සහ තෙවැනි තරගය සැප්තැම්බර් 06 වැනිදාද මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ප්‍රවේශ පත්‍ර මිළ ගණන් පහත පරිදි වේ.

ටෙස්ට් තරග ප්‍රවේශත්‍ර (රුපියල්) විස්සයි/20 තරග ප්‍රවේශපත්‍ර (රුපියල්)
300.00 500.00
500.00 2000.00
750.00 4500.00
1000.00 500.00
4000.00  

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest