slc
logo
Home   |    News
January 17, 2020

සී.සී.සී. – එන්.සී.සී සහ රාගම – හලාවත මේරියන්ස්

අවසන් පූර්ව වටයේදී ගැටෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ විස්සයි-20 ආරාධිත ක්‍රිකට් තරගාවලිය යටතේ අවසන් පූර්ව තරග වරම් දිනා ගැනීමට රාගම, හලාවත මේරියන්ස්, කොළඹ සහ එන්. සී. සී. ක්‍රීඩා සමාජ අද (17 දා) සමත්වූහ.

කොළඹ පී. සරා සහ කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටිවල පැවැති අදාළ අර්ධ අවසන් පූර්ව තරගවලදී කෝල්ට්ස් ට එරෙහිව රාගමද, එස්. එස්. සී. ට එරෙහිව හලාවත මේරියන්ස්ද, බදුරලියට එරෙහිව කොළඹ ද සහ යුද හමුදාවට එරෙහිව එන්. සී. සී. ක්‍රීඩා සමාජ ජයග්‍රහණ වාර්තා කරමින් අවසන් කණ්ඩායම් 4 ට තේරී පත්වූහ.

ඒ අනුව ලබන 19 වැනිදා කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරගවලදී හලාවත මේරියන්ස් සහ රාගම ක්‍රීඩා සමාජ පෙරවරුවේද අසල්වැසියන් වන එන්. සී. සී. සහ සී. සී. සී. අතර තරගය පස්වරුවේද තරග වදිනු ඇත.

අද පැවැති තරග වලදී විස්සයි-20 නායක ලසිත් මාලිංග ඇතුළු ජාතික මට්ටමේ බහුතරයක් ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීම කැපී පෙනුණි. ඒ  අතරින් ඉහළම ලකුණු ලබා ගැනීමට කෝල්ස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු  (76) සමත්වූ අතර එය දිනයේ වාර්තා වුණු වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය. එන්. සී. සී. පිල නියෝජනය කර මාලිංග පන්දුවාර 4 ක් ක්‍රියාත්මක කරමිකන් ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගත්තේය.

මීට අමතරව එක්දින තරගාවලියේ ශූරයින් බවට පත් වුණු හලාවත මේරියන්ස් පිලේ නායක ෂෙහාන් ජයසූරිය, තික්ෂිල ද සිල්වා, බදුරලිය ක්‍රීඩා සමාජයේ ෂෙහාන් මධුශංක  එස්. එස්. සී. පිලේ සචිත්‍ර සේනානායක සහ යුද හමුදා පිලේ තිසර පෙරේරා තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්විය. එහෙත් ඒ දක්ෂතා අතරින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය කරා දායකත්වයක් දැක්වීමට සමත්වූයේ හලාවත මේරියන්ස් පිලේ ෂෙහාන් ජයසූරිය සහ තික්ෂිල ද සිල්වා දක්වන ලද දක්ෂතා පමණක් වූ අතර සෙසු සියල්ලෝම අද දිනයේ පරාජිත කණ්ඩායම් වල සාමාජිකයෝ බවට පත්වූහ.

මීට අමතරව සී. සී. සී. කණ්ඩායමේ මලිඳු මදුරංග පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමඟින් ලකුණු 62 ක්ද හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ ලසිත් කෲස්පුල්ලේ හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් පන්දු 42 කදී ලකුණු 60 ක් ලබා දිනයේ අර්ධ ශතක වාර්තා කළ පිතිකරුවෝ බවට පත්වූහ. පන්දු යැවීමේදී සචිත්‍ර සේනානායක සහ රාගම ක්‍රීඩා සමාජයේ ෂෙහාන් සඳරුවන් කඩුලු 4 බැගින් බිඳ හෙළා දිනයේ වැඩිම කඩුලු ලාභීන් බවට පත්විය.

ලකුණු සාරාංශය

රාගම – කෝල්ට්ස්

රාගම ක්‍රීඩා සමාජයට කඩුලු 5 ක ජයක්

කෝල්ට්ස් පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 162 යි – (අවිශ්ක ප්‍රනාන්දු 76, සධීර සමරවික්‍රම 39, ධනංජය ලක්ෂාන් 15, නිසල තාරක 12*, ෂෙහාන් සඳරුවන් 29/4)

රාගම පන්දුවාර 19 කදී කඩුලු 5 ට ලකුණු 163 යි – (නිශාන් මධුෂ්ක 26, ජනිත් ලියනගේ 44, සමින්ද ප්‍රනාන්දු 20, සුපේෂල ජයතිලක 28, ඉෂාන් ජයරත්න 22*)

හලාවත මේරියන්ස් – එස්. එස්. සී.

හලාවත මේරියන්ස්ට ලකුණු 14 ක ජයක්

හලාවත මේරියන්ස් පන්දුවාර 20 කදී කඩුලු 8 ට 163 යි – (ලසිත් කෲස්පුල්ලේ 60, කමිඳු මෙන්ඩිස් 15, ෂෙහාන් ජයසූරිය 33, තික්ෂිල ද සිල්වා 26, සචිත්‍ර සේනානායක 23/4)

එස්. එස්. සී. පන්දුවාර 20 කදී කඩුලු 8ට ලකුණු 149 යි – (නුවනිඳු ප්‍රනාන්දු 26*, සචිත්‍ර සේනානායක 36, දසුන් ශාන්ක 13, චරිත් අසලංක 15, ක්‍රිෂාන් සංජුල 14, ධනුෂ්ක ගුණතිලක 27, ෂෙහාන් ජයසූරිය 23/2, තික්ෂිල ද සිල්වා 28/2, පුලින තරංග 19/2)

සී.සී.සී. – බදුරලිය

සී.සී.සී. කණ්ඩායමට කඩුලු 7 ක ජයක්

බදුරලිය ක්‍රීඩා සමාජය පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 159 යි – (දමිත් පෙරේරා 39*, ළහිරු සමරකෝන් 23, ළහිරු මිලන්ත 24, ටී.එන්. සම්පත් 16, ෂෙහාන් මදුශංක 39*, වනිඳු හසරංග 19/3)

සී.සී.සී. පන්දුවාර 19.2 කදී කඩුලු 3 ට ලකුණු 163 යි – (මලිඳු මදුරංග 62, රොන් චන්ද්‍රගුප්ත 18, මිනෝද් භානුක 24, අශාන් ප්‍රියන්ජන් 41*, ෂෙහාන් මදුශංක 20/3)

එන්. සී. සී. – යුද හමුදාව

එන්.සී.සී. පිලට කඩුලු 6 ක ජයක්

යුද හමුදාව පන්දුවාර 20 කදී කඩුලු 8ට ලකුණු 148 යි – (ලක්ෂාන් එදිරිසිංහ 39, තිසර පෙරේරා 26, සික්කුගේ ප්‍රසන්න 21, ජනිත් සිල්වා 26*, ජනක සම්පත් 10*, සචිඳු කොළඹගේ 32/2, චාමික ගුණසේකර 20/2, ලසිත් මාලිංග 31/2)

එන්. සී. සී. පන්දුවාර 19.1 කදී කඩුලු 4 ට ලකුණු 152 යි – (මහේල උඩවත්ත 57*, උපුල් තරංග 22, චතුරංග ද සිල්වා 49*, තිසර පෙරේරා 25/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar