slc
logo
Home   |    News
January 9, 2020
SLC Declared Opened a Accommodation Facility at the RPICS

Sri Lanka Cricket

Media Release

09th January, 2020

Sri Lanka Cricket on Thursday, 09th January, 2020 declared opened a new facility in the High Performance Center of the RPICS, in order to provide accommodation facilities for the cricketers.

The ‘Player Accommodation Facility’ at the RPICS was declared opened by Mr. Kumar Sangakkara, President of the Marylebone Cricket Club at the invitation of President of the SLC Mr. Shammi Silva.

Sri Lanka Cricket will use this much needed facility to provide accommodation for the players of the squads representing the National, Emerging, ‘A’ Team and National Age Group (Men’s) teams as and when training camps are held for the respective squads.

The new state of the art facility can provide accommodation for 39 cricketers at a given time, whilst accommodation facilities are also available for team coaches and managers.

Sri Lanka Cricket also has plans to build a similar facility at the Pallekele International Cricket Stadium in the near future.

‘ක්‍රීඩක නිවහන’ අද ක්‍රීඩක අයිතියට

ක්‍රිකට් ක්‍රීඩාවට එහා ගිය තාක්ෂණික දැනුම පිළිබඳව පුළුල් මෙන්ම විශ්වාසනීය භාවයකින් යුතුව සැලසුම් සකස් කිරීමේ කේන්ද්‍රස්තානයක් ලෙසින් යොදා ගැනෙන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙහි පිහිටුවා තිබෙන  ජාතික ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයෙහි පහසුකමක් වැඩි ‘ක්‍රීඩක නිවහනක්’ ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මාලය ස්ථාපනය කොට තිබෙන මෙම ‘ක්‍රීඩක නිවහනෙහි එකවර පුද්ගලයින් 44 දෙනෙකුට නවා තැන් පහසුකම් ලබා ගත හැකි වන පරිදි ඉදි කර තිබේ. වායු සමීකරණ පහසුකමද සහිත අති නවීන පහසුකම් රැසකින් සමන්විත වන මෙම ‘ක්‍රීඩක නිවහන’ ක්‍රීඩක අයිතියට පැවැරීම අද (ජනවාරි මස 09 දා) මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පැවැත්විණ.

වත්මන් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ඉදිකර ඇති මෙම ‘ක්‍රීඩක නිවහන’ ඉදිරියේදී ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ට, නැගී එන කණ්ඩායම,‘ඒ’ කණ්ඩායම මෙන්ම සියලුම වයස් කාණ්ඩ යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරනු ජාතික මට්ටමේ ක්‍රිකට් කණ්ඩායම් පුහුණු කඳවුරු පැවැත්වීමේදී භාවිතයට ගැනීමට අවස්ථාව උදා වී තිබේ. ක්‍රීඩකයින්ට අමතරව එම කණ්ඩායමේ පුහුණුකරුවන්ට සහ කළමනාකරුවන්ටද මෙම ‘ක්‍රීඩක නිවහන’ භාවිතයට ගැනීමේ හැකියාව පවතිනු ඇත.

මෙවැනිම ආකාරයේ ‘ක්‍රීඩක නිවහනක්’ ඉදිරියේදී පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය බලාපොරොත්තුවෙන් පසුවේ.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar