slc
logo
Home   |    News
January 28, 2020
Sri Lankan Emerging Cricketers to play Club Cricket in Australia following SLC – DDCA MOU

Sri Lanka Cricket

Media Release

28th January, 2020

Starting from this year, 08 Emerging Cricketers of Sri Lanka will get an opportunity to play Club Cricket in Australia, following an MOU, Sri Lanka Cricket (SLC) entered into with Dandenong District Cricket Association Inc. (DDCA) of Australia.

Under the MOU, DDCA will facilitate SLC to field a selected group of Sri Lankan Emerging Cricketers in the Australian Cricket Clubs, during a full cricket season, which spans from October to March, every year.

According to the MOU, DDCA will find Clubs for the Lankan players, whilst the host club will provide the player with club membership, accommodation, club apparel, transportation to attend training and matches and also a weekly incidental allowance.

The MOU between the two parties is also aimed at helping the players to experience other cultures and environments and also personal development and life skills. Whilst the move is expected to foster long term relationship between Sri Lanka Cricket (SLC) and Dandenong District Cricket Association Inc. ( DDCA).

The MOU was entered into recently in Australia, with Mr. Mohan De Silva, Honorary Secretary of the SLC and Mr. Michael Hawking, President of the DDCA signing on behalf of the respective entities.

This is an excellent opportunity for Sri Lanka Cricket, as this gives us an another platform to provide opportunities for our talented youngsters and build them in different conditions to feed our national set up,’ said Mr. Mohan De Silva, Honorary Secretary of the SLC, who worked on realizing the MOU.

The MOU, which is effective until the year 2022 will also see DDCA bringing in an U19 representative team to Sri Lanka commencing mid-2021, where SLC will provide first class grounds, high performance training sessions and specialist coaches to the visiting team. Ends.

නැගීඑන ක්‍රීඩකයින්ට ඔස්ට්‍රේලියානු දේශීය තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව

උදාවූ 2020 වසරේ සිට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් 08 දෙනෙකු හට ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන දේශීය ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව උදාකර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න්හි නුවර පිහිටා ඇති ඩැන්ඩිනොන් දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සමඟ ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුමක් මත මෙම මහඟු අවස්ථාව නැගී එන ක්‍රීඩකයින්ට හිමිව තිබේ.

දෙපාර්ශ්වය අතර ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෝරාගනු ලබන නැගී එන ක්‍රීඩකයින්ට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සමාජවල සෑම වසරකම ඔක්තෝම්බර් මස සිට මාර්තු මාසය දක්වා විහිදෙන පූර්ණ ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවේ. මේ සඳහා වන සියළු පහසුකම් ඩැන්ඩිනොන් දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් සපයා දෙනු ලැබේ.

තරගාවලිය නියෝජනය කරනු ලබන සියළු ක්‍රීඩකයින් සඳහා ක්‍රීඩා සමාජ සපයා දීම ඩැන්ඩිනොන් ක්‍රිකට් සමාජයේ වගකීම වන අතර ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය, නවාතැන් පහසුකම්, ඇඟලුම්, පුහුණුවීම් සහ තරග සඳහා ගමනා ගමන පහසුකම් සති පතා ලබාදීමද එම ක්‍රීඩා සමාජය විසින් සිදුකරනු ඇත. මේ සියල්ලට අමතරව ක්‍රීඩකයින්ට සති පතා මූල්‍යමය දීමනාවක්ද එම ක්‍රීඩා සමාජය විසින් ලබාදීම විශේෂත්වයකි.

සාම්ප්‍රදායික සංස්කෘතීන්ට සහ පාරිසරික තත්ත්වයන්ට පරිබාහිරව යමින් ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව සලසා ලීම මෙම අවබෝධතා ගිවිසුමේ මූලික ඉලක්කය බවට පත්ව තිබේ. එමන්ම වෙනස් තරග ආකෘතීන් යටතේ ක්‍රීඩා කිරීමේදී ක්‍රීඩකයින්ගේ පෞද්ගලික කුසලතාවයන් ද වර්ධනය කර ගැනීම මෙහි තවත් අරමුණක් බවට පත්ව තිබේ. එමෙන්ම මෙම අවබෝධතා ගිවිසුම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඩැන්ඩිනොන් ක්‍රිකට් සංගමය අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින සුහදතාවය තවදුරටත් ශක්තිමත් වන බවද දෙපාර්ශ්වයේ විශ්වාසය බවට පත්ව තිබේ.

දෙපාර්ශ්වය අතර වූ අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා මහතා සහ ඩැන්ඩිනොන් ක්‍රිකට් සංගමයේ සභාපති මයිකල් හෝකින් මහතා විසින් ඉකුත්දා ඔස්ට්‍රේලියාවේදී අත්සන් තබනු ලැබීය. මෙහිදී අදහස් දක්වා සිටි ලේකම් මොහාන් ද සිල්වා මහතා, “මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණු වටිනා අවස්ථාවක්. විශේෂයෙන්ම විවිධ තත්ත්වයන් යටතේ ක්‍රීඩා කිරීම සඳහා වන දක්ෂ ක්‍රීඩකයින් බිහි වීමට මෙය වටිනා අවස්ථාවක්. මේ හරහා අපට අපේ ජාතික කණ්ඩායමට අවශ්‍ය සැකැස්ම පෝෂණය කර ගැනීමට අවස්ථාව සැලසෙනවා”යි සඳහන් කර සිටියේය.

අත්සන් තබන ලද මෙම අවබෝධතා ගිවිසුම ලබන 2022 වසර දක්වා ක්‍රියාත්මක වන අතර ඒ අතරතුර 2021 වසරේදී  ඩැන්ඩිනොන් ක්‍රිකට් සංගමය විසින් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිකරවීමට නියමිතය. එම තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත තරග සඳහා ක්‍රීඩාංගණ පහසුකම්, ඉහළ කාර්ය සාධන පුහුණු සැසි මෙන්ම විශේෂඥ පුහුණුකරුවන් සමඟ කටයුතු කිරීමේ අවස්ථාව සංචාරක කණ්ඩායමට සලසා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීම බවට පත්ව තිබේ.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee