slc
logo
Home   |    News
February 20, 2020
Live Broadcasting Platforms of the West Indies Tour of Sri Lanka 2020

Sri Lanka Cricket

Media Release

20th February, 2020

The following Media Institutions will broadcast the Sri Lanka vs West Indies Cricket Series, which will commence on the 22nd February, 2020.

Terrestrial TV

  • Channel Eye of SLRC

Radio

  • Sri Lanka Broadcasting Corporation – SLBC

Frequencies

  • From Colombo 107.3 fm
  • From Yatiyanthota 107.5 fm
  • From Haputale 104.9 fm
  • From Hunnasgiriya 97.4 fm
  • From Deniyaya 104.7 fm
  • From Radella 102.1 fm
  • From Karagahatenna 97.4 fm
  • From Kilinochchi  89.8 fm

 Digital Platform

Mobile Streaming

  • Mobitel  

කොදෙව්වන්ට එරෙහි එක්දින සහ විස්සයි-20 සටන චැනල් අයි නාළිකාවෙන් – ගුවන් විදුලි ශ්‍රවණය ක්‍රීඩා විකාශනයෙන්

එළැඹෙන පෙබරවාරි 22 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේ ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ මෙරට නිල සජීවී රූපවාහිනී විකාශන සිදුකිරීමේ අයිතිය ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව විසින් ලබාගෙන තිබෙන අතර සියළුම තරග එම සංස්ථාව යටතේ පවතින ‘චැනල් අයි’ නාලිකාව ඔස්සේ විකාශනය කෙරෙනු ඇත.

මීට අමතරව ගුවන් විදුලිය ඔස්සේ තරගය ශ්‍රවණය කරන පිරිස වෙනුවෙන් පන්දුවෙන් පන්දුවෙහි සජීවි විකාශන අයිතිය නැවතත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් සිදු කරනු ලබන අතර කොළඹින් 107.3 යටියන්තොටින් 107.5 හපුතලේ 104.9, හුන්නස්ගිරිය 97.4, දෙනියාය 104.7, රදැල්ල 102.1, කරගහතැන්න 97.4 සහ කිලිනොච්චි 89.8 සුසර කිරීමෙන් එම සජීවී විස්තර විචාරය ශ්‍රවණය කිරීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට හිමි වනු ඇත.

ප්‍රධාන විකාශන අයිතීන් එසේ සිදුවද්දී ඩිජිටල් මාධ්‍ය භාවිතයෙන් ද මෙම තරගාවලිය නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදා කර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ Youtube චැනලය ඔස්සේ හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩෙවියේද ඔස්සේ හෙවත් www.srilankacricket.lk ඔස්සේ සජීවී තරග විකාශය නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදා වී තිබේ. මීට අමතරව මොබිටෙල් (Mobitel) දුරකථන හිමි පාරිභෝගිකයින්ටද එම සේවාව ඔස්සේ  තරගය නැරඹීමේ අවස්ථාව උදා වනු ඇත.

SLC Youtube – https://www.youtube.com/srilankacricket

SLC Web Page – https://srilankacricket.lk/live

Mobile Streaming – Mobitel

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest