slc
logo
Home   |    News
February 11, 2020
Windies tour of Sri Lanka 2020 Tickets go on sale

Sri Lanka Cricket

Media Release

11TH February, 2020

West Indies Tour of Sri Lanka

‘Match Tickets’ to witness the matches of the West Indies tour of Sri Lanka 2020 can now be purchased via online by visiting www.srilankacricket.lk

Apart from the online selling of tickets, the public will also be able to purchase tickets from the following ticket counters, starting from the given days.

  • 15th February, 2020 – SLC Headquarters 
  • 25th February, 2020 – MRICS, Hambantota
  • 27th February, 2020 – Pallekele International Cricket Stadium, Kandy

The respective ticket counters will be kept opened from 09.30 am to 05.00 pm.

Ticket Fee (All games)

ශ්‍රී ලංකා – කොදෙව් සටනේ ප්‍රවේශ පත්‍ර අළෙවිය ඇරඹෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි/20 ක්‍රිකට් තරග සදහා ප්‍රවේශ පත්‍ර අළෙවිය ලබන 15 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. එම ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩෙවිය www.srilankacricket.lk  ඔස්සේ ලබාගැනීමේ හැකියාව ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට උදාවී තිබේ.

මීට අමතරව ක්‍රීඩා ලෝලීන්ගේ පහසුව තකා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ ඇතුළු තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ කිහිපයක ප්‍රවේශ පත්‍ර කවුළු පිහිටුවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. ඒ අනුව ලබන 15 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ ද ලබන 25 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද සහ ලබන 27 වැනිදා සිට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව ක්‍රිකට් රසිකයින්ට උදාවනු ඇත.

අදාළ තරග සංචාරය යටතේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ එක්දින තරග 3 කට සහ විස්සයි/20 තරග 2 කට සහභාගිවීමට නියමිතය. දෙරට අතර එක්දින තරගාවලිය ලබන 22 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේදී ආරම්භ වන අතර දෙවැනි එක්දින තරගය ලබන 26 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද තෙවැනි එක්දින තරගය මාර්තු 01 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

එම තරගාවලියෙන් පසු පැවැත්වෙන තරග 2 කින් සමන්විත විස්සයි/20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මාර්තු 04 වැනිදාද දෙවැනි සහ අවසන් විස්සයි-20 තරගය සැප්තැම්බර් 06 වැනිදාද මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

එක්දින සහ විස්සයි-20 තරග අංශ දෙකේම ප්‍රවේශ පත්‍ර ක්‍රීඩාංගණ අනුව වෙන් වෙන් මිල ගණන් යටතේ අළෙවි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. එම ප්‍රවේශ පත්‍ර මිළ ගණන් පහත පරිදි වේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee