
ජාතික පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ගැරී කර්ස්ටන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා සහ නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම් අතර සිව්දින ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පැමිණ සිටියි. මෙම අවස්ථාවට ඔහු සමඟ සහාය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් වන රයන් වෑන් නීකර්ක් සහ ජෝර්ඩන් ග්‍රෙගරිද එක්ව සිටිති.
මෙම නිරීක්ෂණයේදී, ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා සෘජුවම පරීක්ෂා කිරීම කෙරෙහි ඔවුහු අවධානය යොමු කර ඇත. ජාතික මට්ටමට ඉදිරියේදී එක්විය හැකි ක්‍රීඩකයන් හඳුනා ගැනීම මෙම ක්‍රියාවලියේ අරමුණක් ලෙස සැලකේ.
ගැරි කිර්ස්ටන් සමඟ එක්ව සිටි රයන් වෑන් නීකර්ක් සහ ජෝර්ඩන් ග්‍රෙගරිද මෙම නිරීක්ෂණයට සම්බන්ධ වී සිටි අතර, ඔවුන් තරඟය නරඹමින් ක්‍රීඩකයින් අධීක්ෂණයේ නිරතව සිටිති.
දෙපිළ අතර තරගය ඊයේ ආරම්භ වුණු අතර අද එම තරගයේ දෙවැනි දිනය වේ.





