slc
Home   |    News
ජූලි 29, 2019
ඇඹුල්දෙණියගේ දක්ෂතා කැපී පෙනෙමින් දෙවැනි ටෙස්ට් තරගය විසඳුමකින් තොර වෙයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා නැගි එන ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය යටතේ පැවැති දෙවැනි සිව්දින ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වීම නිසා තරග 2 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

ප්‍රිටෝරියාහි පැවැති මෙම තරගයේදී පළමු තරගයට සාපේක්ෂව ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයින්ගේ දක්ෂතා කැපී පෙනුණු අතර පිතිකරුවන් ගෙන් මෙන්ම පන්දු යවන්නන්ද එක සේ දක්ෂතා දැක්වීමට සමත්වීම සතුටට කරුණක් ලෙස හුවා දැක්විය හැක. එසේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් අතර 22 හැවිරිදි ක්‍රීඩකයින් දෙපළක් වන වමත් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය සහ වමත් පිතිකරු ප්‍රමෝද් මධුවන්තගේ දක්ෂතා කැපී පෙනුණි.

පළමු තරගයේදී කඩුලු 8 ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූ ලසිත් මෙම තරගයේදීද පළමු ඉනිමේ කඩුලු 8 ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 2 ක් වශයෙන් සමස්ථ තරගයේදීම ලකුණු 255 කට කඩුලු 10 ක් දවා ගැනීමට සමත්විය. පළමුඉනිමේදී ලකුණු 156 කට කඩුලු 8 ක් දවා ගන්නා ලසිත් දකුණු අප්‍රිකානු නැගී එන පිලේ දෙවැනි ඉනිමේ දැවී ගිය කඩුලු 5 න් 2 කම හිමිකරුවා බවට පත්විය.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන පිල වෙනුවෙන් වාර්තා වුණු එකම ශතකයේ හිමිකරුවා බවට පත්වූයේ ප්‍රමෝද් මධුවන්තය. මිනිත්තු 354 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි මධුවන්ත පන්දු 236 කට මුහුණ දෙමින් ලකුණු 111 ක් ලබා ගත්තේය. එම ඉනිම හතරේ පහර 9 කින් වර්ණවත්ව තිබිණ. ඔහුට අමතරව ආරම්භක පිතිකරු මිනෝද් භානුක 56 ක් සහ චාමික කරුණාරත්න ලකුණු 53 ක් වශයෙන් අර්ධ ශතක රැස් කළහ.

කාසියේ වාසියත් දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිම ලකුණු 441 ක් ලබා ගැනීමට සමත්වූ අතර ඊට පිළිතුරු ලෙසින් සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාවට රැස් කරගත හැකි වූයේ ලකුණු 388 ක් පමණි. ලකුණු 53 ක පළමු ඉනිමේ වාසිය ද සමඟ දෙවැනි ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තරගය නිමා කරන විට තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 260 ක් ලබා සිටියහ. සිව්වැනි දිනට තරගය පැවැත්වෙන ස්වභාවය අනුව දෙපිළිටම විසඳුමක් නොලැබෙන බව හොඳාකාරම දැන ගැනීඹ නිසා සිව්වැනි දිනයේ 63 වැනි පන්දුවාරය අවසන් වනවාත් සමඟ දෙපිළේ නායකයින්ගේ එකඟත්වයෙන් නතර කර දැමීමට විනිසුරුවෝ ක්‍රියා කළහ.

ලකුණු සාරාංශය –  දකුණු අප්‍රිකානු නැගී එන පිල පළමු ඉනිම 441 යි සහ දෙවැනි ඉනිම 260/5 යි – (ජෙනමන් මාලන් 84, වැන්ඩිලේ මක්වෙටු 26, ජේසන් ස්මිත් 62, වැන් ටොන්ඩර් 31, මැතිව් බ්‍රිට්ස්කි (නොදැවී) 38, ලසිත් ඇඹුල්දෙණිය 43/2, ප්‍රමෝද් මධුවන්ත 20/2)

ශ්‍රී ලංකා නැගී එන පිල පළමු ඉනිම 388 යි – (ප්‍රමෝද් මධුවන්ත 111, මිනෝද් භානුක 56, චාමික කරුණාරත්න 53, මොහොමඩ් ශිරාස් 23, පැතුම් නිස්සංක 32, චරිත් අසලංග 18, ජෙහාන් ඩැනියෙල් 36, කලන පෙරේරා 17, මාර්කො ජැන්සල් 69/5, තන්ඩෝ එන්ටිනි 76/4)

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest