slc
Home   |    News
ජූලි 22, 2019
නැගී එන පිලට ජයග්‍රහණය නූලෙන් මිස් වෙයි

Sri Lanka Cricket

දකුණු අප්‍රිකානු සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම් අතර පොචෙස්ටෲම්හි පැවැති සිව් දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක පිල හමුවේ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලකුණු 28 ක පරාජයකට මුහුණ දීමට සිදු වුවද එම තරගය තුළ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ක්‍රීඩකයින් දක්වන ලද දක්ෂතා සැබැවින්ම ඉහළ තලයක පැවැතීම කැපී පෙනුණි. කෙසේ වෙතත් ලද ජයග්‍රහණ්‍යත් සමඟ තරග 2 කින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සමත්විය.

වේග පන්දු යවන්නන්ට වැඩි වාසියක් ලබා දෙන ලබන දකුණු අප්‍රිකානු තණතීරුවේදී ලකුණු 331 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ, ප්‍රබල වේග පන්දු යවන්නන්ගෙන් සමන්විත දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ ලකුණු 302 ක් ලබා ගනිමින් ජයග්‍රහණයේ ආසන්නයටම පැමිණියහ. පළමු දිනය දෙක ඇතුළත තරගයේ පූර්ණ පාලනය දකණු අප්‍රිකානුවන් සතු වුවත් තෙවැනි දිනයේදී දක්වන ලද දක්ෂතා මත තරගය ජය ගැනීමේ අවස්ථාව දෙපිළටම විවෘත වන්නට විය.

ලකුණු 71 ක සම්බන්ධතාවක් තබමින් ‍සිව්වැනි දින ඇරඹූ මිනෝද් භානුක සහ පැතුම් නිස්සංක පිළිබඳව බොහෝ දෙනා බලාපොරොත්තු තබා තිබුණත් ලකුණු 89 ක් ලබා සිටි මිනෝද් භානුක අද දිනයේ දැවී ගිය මුල්ම පිතිකරුවා බවට පත්විය. ශතකය පෙනි පෙනී දැවී ගිය මිනෝද්ගේ වටිනා ඉනිම හතරේ පහර 12 කින් වර්ණවත්ව තිබිණ.

පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක චරිත් අසලංක සහ අශේන් බණ්ඩාර ලකුණු 3 ක් ඇතුළතදී දැවී යෑම ශ්‍රී ලංකා පිලේ ජයග්‍රාහී ගමන බොඳ කරවන ලද පළමු කරුණ බවට පත්විය. මෙම තත්ත්වය මත සෙසු පිතිකරුවන් මතට වැඩි වගකීමක් පැටවිණි. එහෙත් ශ්‍රී ලංකා නැගී එන පිතිකරුවන් අතර බලාපොරොත්තුවක් බවට පත්ව සිටින පැතුම් නිස්සංක කඩුල්ලේ රැඳී සිටීම ශ්‍රී ලංකා පිලට සහනයක් ගෙන දෙන සිදුවීමක් බවට පත් වුවත් ඔහුද ලකුණු 47 කදී දැවී යෑම ශ්‍රී ලංකා පිල කබලෙන් ලිපට වැටීමක් බඳු විය.

වෙනදාට වඩා පිතිකරණ අනුපිළිවෙළේ තරමක් පහතින් ආ ශ්‍රී ලංකා වර්ණ ලාභී කමිඳු මෙන්ඩිස්ද ලකුණු 17 කට දැවී ගියද පන්දු යවන්නන් ලබා දුන් සහයෝගයට සාධාරණයක් ඉටු කිරීමේ අභිප්‍රායෙන් පසු පෙළ පිතිකරුවන් ධෛර්යවන්ත ලෙස පිති හැසිරවීය. ඒ අතරින් කැපී පෙනුණු නිශාන් පීරිස් සහ හොහොමඩ් ශිරාස් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක් එක් කරන ලද්දේ ප්‍රතිවාදී නායකයාගේ නලලත රැළිගන්වමිනි. ඒ වෙනුවෙන් නිශාන් පීරිස් ලකුණු 25 ක් සහ මොහොමඩ් ශිරාස් ලකුණු 49 ක් ලබා ගත්හ.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් අතරින් නන්දේ බර්ගර් සහ ට්ලඩි බොකාකෝ කඩුලු 3 බැගින් බිඳ හෙළූ අතර මාර්කෝ ජැන්සන් කඩුලු 2 ක් බිඳ හෙළීය. තරගයේ වීරයා ලෙසින් පළමු ඉනිමේදී ශතක ලාභී මැතිව් බ්‍රිට්ස්කි සම්මාන ලැබීය. දෙරට අතර පැවැත්වෙන මීළඟ සිව්දින තරගය ලබන 25 වැනිදා ප්‍රිටෝරියා හිදී ආරම්භ වීමට නියමිතව තිබේ.

ලකුණු සාරාංශය – දකුණු අප්‍රිකානු නැගී එන පිල පළමු ඉනිම 382 යි සහ දෙවැනි ඉනිම 189 යි – (කයිල් සින්ඩ්ල්ස් 50, මාර්කෝ ජැන්සන් 49, නැන්ඩ්‍රෙ බර්ගර් 26, සිනෙතෙම්පා කිෂයිල් 31, වැන් ටොන්ඩර් 17, මැතිව් බිට්ස්කි 14, ලසිත් ඇඹුල්දෙණිය 75/5,අසිත ප්‍රනාන්දු 47/3)

ශ්‍රී ලංකා නැගී එන පිල පළමු ඉනිම 241 යි සහ දෙවැනි ඉනිම 302 යි – (මිනෝද් භානුක 89, පැතුම් නිස්සංක 47, හසිත බෝයගොඩ 33, නිශාන් පීරිස් 25, මොහොමඩ් ශිරාස් 49, කමිඳු මෙන්ඩිස් 17, චාමික කරුණාරත්න 10, නන්ඩ්‍රෙ බර්ගර් 38/3, ට්ලඩි බොකාකෝ 70/3, මාර්කෝ ජැන්සල් 58/2)

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest