slc
Home   |    News
ජූලි 26, 2019
මාලිංගගේ සමුගැනීමේ තරගයේදී ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

Sri Lanka Cricket

ලසිත් මාලිංගගේ එක්දින තරග දිවියේ අවසන් තරගය බවට පත්ව තිබෙන බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කළේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය දෙකක් වෙනස් කරමින් අද තරගයට අවතීර්ණ වී සිටී. එම තරගයේදී ක්‍රීඩා කරන ලද ඉසුරු උදාන සහ කසුන් රජිතගේ ස්ථාන සඳහා නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාර කැඳවා තිබේ.

ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කීප දෙනෙකු රහිතව මෙම තරග සංචාරයට සහභාගිව සිටින බංග්ලාදේශ කණ්ඩායමේ ස්ථාන 4 ක් වෙනස් වී තිබෙන අතර, නායක මෂ්රෆී මොර්ටාසා, ශකීබ් අල් හසන්, ලිටන් දාස් සහ මොහොමඩ් සෆියුඩීන්ගේ ස්ථාන සඳහා මොහොමඩ් මිතුන්, සබීර් රෙහ්මාන්, රුබෙල් හොසේන් සහ සෆියුල් ස්ලාම් කැඳවා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, ලසිත් මාලිංග.

බංග්ලාදේශ කණ්ඩායම – ටමීම් ඉක්බාල් (නායක), සෞම්‍ය සර්කාර්, මොහොමඩ් මිතුන්, මුෂ්ෆිකර් රහීම්, මහමුදුල්ලා, මොසදෙක් හොසේන්, සබීර් රෙහ්මාන්, මෙහෙඩි හසන්, රුබෙල් හොසේන්, ශෆියුල් ස්ලාම්, මුස්ටාෆිසූර් රහමන්.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest