slc
Home   |    News
ජූලි 23, 2019
ලංකාව දුන් පහසුකම් ගැන බංග්ලාදේශ නායකයාගෙන් වර්ණනාවක්

Sri Lanka Cricket

ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව යනු නිරන්තරයෙන්ම සුන්දර රටක් බව පවසන බංග්ලාදේශ ක්‍රිකට් නායක ටමීම් ඉක්බාල්, එම සුන්දර රටේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම කණ්ඩායමේ කිසිවකුත් ප්‍රතික්ෂේප නොකළ බව සඳහන් කර සිටියේය.

ඉකුත් පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ ස්ථාන කීපයක් ඉලක්ක කරගනිමින් එල්ල වුණු බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව සංචාරයට නුසුදුසු රටක් ලෙසින් ජාත්‍යන්තරය විසින් ශ්‍රී ලංකාව හඳුන්වනු ලැබීය. එවන් තත්ත්වයක් යටතේ ජාත්‍යන්තර තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පළමු රට බවට බංග්ලාදේශය පත් වූ අතර අදාළ සංචාරයට සහභාගිවීම වීම පිළිබඳව ක්‍රීඩකයන් දරන ලද ආකල්පය කෙසේද යන්න පිළිබඳව කරන ලද විමසීමේදී  බංග්ලාදේශ නායකයා ඉහත අදහස් පළ කර සිටියේය.

“ඇත්තටම පළමුවෙන් මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා මේ තරගාවගියෙදි අපිට ලබා දී තියෙන ආරක්ෂාව සහ පහසුකම් සම්බන්ධව. අවුරුදු ගාණක් කළින් නොවෙයි මෑතකදී අපිත් මේ වගේම ආරක්ෂාව සම්බන්ධව ගැටළුවකට මුහුණ දීලා හිටපු වෙලාව ශ්‍රී ලංකාව අපේ රටට ඇවිල්ලා ලස්සන ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කළා. ඒකෙන් අපිට අපේ ක්‍රීඩාව රැක ගන්න හැකියාව ලැබුණා” යැයි ඉක්බාල් පවසයි.

ස්ථීර නායකයා ලෙසින් කටයුතු කරන මෂ්රෆී මොර්ටාසා ආබාධයකට ලක්වීම නිසා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි ඉක්බාල් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ රටවල් වශයෙන් වෙන් වෙන්ව තරග කළද ක්‍රිකට් ක්‍රීඩාව අතින් බැලූ විට සියල්ලෝම එක පවුලක් බව පවසා සිටියේය.

“ක්‍රිකට් අතින් ගත්තම අපි එකම පවුලක්. මම හිතනවා මේ වගේ අවස්ථාවන්වලදී අපි එකිනෙකාට උදව් කරගත යුතුයි. මම කළින් කිව්වා වගේ මේ තරගාවලියේදී අපිට ලබා දී තිබෙන ආරක්ෂාව සහ පහසුකම් ඉතා ඉහළයි. අපි නවා තැන් ගෙන සිටින හෝටලයේත් ඉන් පිටතත් නිදහසේ ඉන්නවා” යැයි ටමීම් පවසයි.

ටී. වී. එස්. ලංකා ආයතනය විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දෙනු බලන දෙරට අතර එක්දින තරගාවලිය ලබන 26 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඉක්බාල්, “ලංකාවට එන එක ගැන හැම ක්‍රීඩකයෙක්ම ධනාත්මකව බැලුවා. කළින් කිව්වා වගේ අවුරුදු ගණනාවකට කළින් නොවෙයි මෑතකදි අපිත් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආකාරයේම සමාන දේකට මුහුණ දුන්නා. නමුත් ඒ අවස්ථාවේදී ලංකාව අපේ රටට ඇවිල්ලා ලස්සන තරගාවලියකට ක්‍රීඩා කළා. ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාවට ලංකාව නිරන්තරයෙන්ම ලස්සන රටක්” යැයි පවසයි.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest