slc
logo
Home   |    News
ජූලි 29, 2019
ඇඹුල්දෙණියගේ දක්ෂතා කැපී පෙනෙමින් දෙවැනි ටෙස්ට් තරගය විසඳුමකින් තොර වෙයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා නැගි එන ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය යටතේ පැවැති දෙවැනි සිව්දින ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වීම නිසා තරග 2 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

ප්‍රිටෝරියාහි පැවැති මෙම තරගයේදී පළමු තරගයට සාපේක්ෂව ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයින්ගේ දක්ෂතා කැපී පෙනුණු අතර පිතිකරුවන් ගෙන් මෙන්ම පන්දු යවන්නන්ද එක සේ දක්ෂතා දැක්වීමට සමත්වීම සතුටට කරුණක් ලෙස හුවා දැක්විය හැක. එසේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් අතර 22 හැවිරිදි ක්‍රීඩකයින් දෙපළක් වන වමත් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය සහ වමත් පිතිකරු ප්‍රමෝද් මධුවන්තගේ දක්ෂතා කැපී පෙනුණි.

පළමු තරගයේදී කඩුලු 8 ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූ ලසිත් මෙම තරගයේදීද පළමු ඉනිමේ කඩුලු 8 ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 2 ක් වශයෙන් සමස්ථ තරගයේදීම ලකුණු 255 කට කඩුලු 10 ක් දවා ගැනීමට සමත්විය. පළමුඉනිමේදී ලකුණු 156 කට කඩුලු 8 ක් දවා ගන්නා ලසිත් දකුණු අප්‍රිකානු නැගී එන පිලේ දෙවැනි ඉනිමේ දැවී ගිය කඩුලු 5 න් 2 කම හිමිකරුවා බවට පත්විය.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන පිල වෙනුවෙන් වාර්තා වුණු එකම ශතකයේ හිමිකරුවා බවට පත්වූයේ ප්‍රමෝද් මධුවන්තය. මිනිත්තු 354 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි මධුවන්ත පන්දු 236 කට මුහුණ දෙමින් ලකුණු 111 ක් ලබා ගත්තේය. එම ඉනිම හතරේ පහර 9 කින් වර්ණවත්ව තිබිණ. ඔහුට අමතරව ආරම්භක පිතිකරු මිනෝද් භානුක 56 ක් සහ චාමික කරුණාරත්න ලකුණු 53 ක් වශයෙන් අර්ධ ශතක රැස් කළහ.

කාසියේ වාසියත් දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිම ලකුණු 441 ක් ලබා ගැනීමට සමත්වූ අතර ඊට පිළිතුරු ලෙසින් සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාවට රැස් කරගත හැකි වූයේ ලකුණු 388 ක් පමණි. ලකුණු 53 ක පළමු ඉනිමේ වාසිය ද සමඟ දෙවැනි ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තරගය නිමා කරන විට තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 260 ක් ලබා සිටියහ. සිව්වැනි දිනට තරගය පැවැත්වෙන ස්වභාවය අනුව දෙපිළිටම විසඳුමක් නොලැබෙන බව හොඳාකාරම දැන ගැනීඹ නිසා සිව්වැනි දිනයේ 63 වැනි පන්දුවාරය අවසන් වනවාත් සමඟ දෙපිළේ නායකයින්ගේ එකඟත්වයෙන් නතර කර දැමීමට විනිසුරුවෝ ක්‍රියා කළහ.

ලකුණු සාරාංශය –  දකුණු අප්‍රිකානු නැගී එන පිල පළමු ඉනිම 441 යි සහ දෙවැනි ඉනිම 260/5 යි – (ජෙනමන් මාලන් 84, වැන්ඩිලේ මක්වෙටු 26, ජේසන් ස්මිත් 62, වැන් ටොන්ඩර් 31, මැතිව් බ්‍රිට්ස්කි (නොදැවී) 38, ලසිත් ඇඹුල්දෙණිය 43/2, ප්‍රමෝද් මධුවන්ත 20/2)

ශ්‍රී ලංකා නැගී එන පිල පළමු ඉනිම 388 යි – (ප්‍රමෝද් මධුවන්ත 111, මිනෝද් භානුක 56, චාමික කරුණාරත්න 53, මොහොමඩ් ශිරාස් 23, පැතුම් නිස්සංක 32, චරිත් අසලංග 18, ජෙහාන් ඩැනියෙල් 36, කලන පෙරේරා 17, මාර්කො ජැන්සල් 69/5, තන්ඩෝ එන්ටිනි 76/4)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar