slc
logo
Home   |    News
ජූලි 22, 2019
නැගී එන පිලට ජයග්‍රහණය නූලෙන් මිස් වෙයි

Sri Lanka Cricket

දකුණු අප්‍රිකානු සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම් අතර පොචෙස්ටෲම්හි පැවැති සිව් දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක පිල හමුවේ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලකුණු 28 ක පරාජයකට මුහුණ දීමට සිදු වුවද එම තරගය තුළ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ක්‍රීඩකයින් දක්වන ලද දක්ෂතා සැබැවින්ම ඉහළ තලයක පැවැතීම කැපී පෙනුණි. කෙසේ වෙතත් ලද ජයග්‍රහණ්‍යත් සමඟ තරග 2 කින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සමත්විය.

වේග පන්දු යවන්නන්ට වැඩි වාසියක් ලබා දෙන ලබන දකුණු අප්‍රිකානු තණතීරුවේදී ලකුණු 331 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ, ප්‍රබල වේග පන්දු යවන්නන්ගෙන් සමන්විත දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ ලකුණු 302 ක් ලබා ගනිමින් ජයග්‍රහණයේ ආසන්නයටම පැමිණියහ. පළමු දිනය දෙක ඇතුළත තරගයේ පූර්ණ පාලනය දකණු අප්‍රිකානුවන් සතු වුවත් තෙවැනි දිනයේදී දක්වන ලද දක්ෂතා මත තරගය ජය ගැනීමේ අවස්ථාව දෙපිළටම විවෘත වන්නට විය.

ලකුණු 71 ක සම්බන්ධතාවක් තබමින් ‍සිව්වැනි දින ඇරඹූ මිනෝද් භානුක සහ පැතුම් නිස්සංක පිළිබඳව බොහෝ දෙනා බලාපොරොත්තු තබා තිබුණත් ලකුණු 89 ක් ලබා සිටි මිනෝද් භානුක අද දිනයේ දැවී ගිය මුල්ම පිතිකරුවා බවට පත්විය. ශතකය පෙනි පෙනී දැවී ගිය මිනෝද්ගේ වටිනා ඉනිම හතරේ පහර 12 කින් වර්ණවත්ව තිබිණ.

පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක චරිත් අසලංක සහ අශේන් බණ්ඩාර ලකුණු 3 ක් ඇතුළතදී දැවී යෑම ශ්‍රී ලංකා පිලේ ජයග්‍රාහී ගමන බොඳ කරවන ලද පළමු කරුණ බවට පත්විය. මෙම තත්ත්වය මත සෙසු පිතිකරුවන් මතට වැඩි වගකීමක් පැටවිණි. එහෙත් ශ්‍රී ලංකා නැගී එන පිතිකරුවන් අතර බලාපොරොත්තුවක් බවට පත්ව සිටින පැතුම් නිස්සංක කඩුල්ලේ රැඳී සිටීම ශ්‍රී ලංකා පිලට සහනයක් ගෙන දෙන සිදුවීමක් බවට පත් වුවත් ඔහුද ලකුණු 47 කදී දැවී යෑම ශ්‍රී ලංකා පිල කබලෙන් ලිපට වැටීමක් බඳු විය.

වෙනදාට වඩා පිතිකරණ අනුපිළිවෙළේ තරමක් පහතින් ආ ශ්‍රී ලංකා වර්ණ ලාභී කමිඳු මෙන්ඩිස්ද ලකුණු 17 කට දැවී ගියද පන්දු යවන්නන් ලබා දුන් සහයෝගයට සාධාරණයක් ඉටු කිරීමේ අභිප්‍රායෙන් පසු පෙළ පිතිකරුවන් ධෛර්යවන්ත ලෙස පිති හැසිරවීය. ඒ අතරින් කැපී පෙනුණු නිශාන් පීරිස් සහ හොහොමඩ් ශිරාස් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක් එක් කරන ලද්දේ ප්‍රතිවාදී නායකයාගේ නලලත රැළිගන්වමිනි. ඒ වෙනුවෙන් නිශාන් පීරිස් ලකුණු 25 ක් සහ මොහොමඩ් ශිරාස් ලකුණු 49 ක් ලබා ගත්හ.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් අතරින් නන්දේ බර්ගර් සහ ට්ලඩි බොකාකෝ කඩුලු 3 බැගින් බිඳ හෙළූ අතර මාර්කෝ ජැන්සන් කඩුලු 2 ක් බිඳ හෙළීය. තරගයේ වීරයා ලෙසින් පළමු ඉනිමේදී ශතක ලාභී මැතිව් බ්‍රිට්ස්කි සම්මාන ලැබීය. දෙරට අතර පැවැත්වෙන මීළඟ සිව්දින තරගය ලබන 25 වැනිදා ප්‍රිටෝරියා හිදී ආරම්භ වීමට නියමිතව තිබේ.

ලකුණු සාරාංශය – දකුණු අප්‍රිකානු නැගී එන පිල පළමු ඉනිම 382 යි සහ දෙවැනි ඉනිම 189 යි – (කයිල් සින්ඩ්ල්ස් 50, මාර්කෝ ජැන්සන් 49, නැන්ඩ්‍රෙ බර්ගර් 26, සිනෙතෙම්පා කිෂයිල් 31, වැන් ටොන්ඩර් 17, මැතිව් බිට්ස්කි 14, ලසිත් ඇඹුල්දෙණිය 75/5,අසිත ප්‍රනාන්දු 47/3)

ශ්‍රී ලංකා නැගී එන පිල පළමු ඉනිම 241 යි සහ දෙවැනි ඉනිම 302 යි – (මිනෝද් භානුක 89, පැතුම් නිස්සංක 47, හසිත බෝයගොඩ 33, නිශාන් පීරිස් 25, මොහොමඩ් ශිරාස් 49, කමිඳු මෙන්ඩිස් 17, චාමික කරුණාරත්න 10, නන්ඩ්‍රෙ බර්ගර් 38/3, ට්ලඩි බොකාකෝ 70/3, මාර්කෝ ජැන්සල් 58/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar