slc
Home   |    News
අගෝස්තු 6, 2019
ක්‍රිකට් තේරීම් කමිටුවේ සංශෝධනයක්

Sri Lanka Cricket

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සම්බන්ධව මෙතෙක් පැවැති ක්‍රමවේදය බවට පත්ව තිබූ සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් සමන්විත ක්‍රිකට් තේරීම් කමිටුව සංශෝධනය කරමින් නිලධාරීන් තිදෙනෙකුගෙන් පමණක් සමන්විත තේරීම් කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

පත් කරන ලද ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස වත්මන් තේරීම් කමිටුවේ සභාපතිවරයා වන අසන්ත ද මෙල් මහතා කටයුතු කරන අතර හිටපු කමිටුවෙන් චමින්ද මෙන්ඩිස් මහතා පමණක් නව කමිටුවට තේරී පත්වී සිටියි. කලක් ශ්‍රී ලංකාව නියෝජනය කරන ‍ලද වේග පන්දු යවන්නකු වූ විනෝදන් ජෝන් මහතා ත්‍රිපුද්ගල තේරීම් කමිටුවට අළුතින් පැමිණ සිටින සාමාජිකයා වන්නේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 6 ක් සහ එක්දින තරග 45 ක් නියෝජනය කර ඇති විනෝදන් ජෝන් මහතා ටෙස්ට් කඩුලු 28 ක් සහ එක්දින කඩුලු 34 ක් ලබාගෙන තිබේ. 2009-10 තේරීම් කමිටුවේ සාමාජික ධුරය දරා ඇති විනෝදන් ජෝන් මහතාට තේරීම් කමිටු තනතුර ආගන්තුක නොවනු ඇත. 2015 සහ 16 යන වසර වල කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙසින්ද කටයුතු කළ ඇති ඒ මහතා, 2002 වසරේ සිට මේ දක්වා තරග තීරකවරයෙකු ලෙසින් ද කටයුතු කර තිබේ. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේද තරග තීරකවරයකු ලෙස කටයුතර කර ඇති ඒ මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රචාරක අංශයේ නියෝජ්‍ය කලමනාකාරවරයෙකු ලෙස මේ වන විටත් කටයුතු කරයි.

ඒ අනුව මීට පෙර කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කරන ලද බ්‍රෙන්ඩන් කුරුප්පු සහ හේමන්ත වික්‍රමරත්න යන මහත්වරුන්ට නව තේරීම් කමිටුවේ කටයුතු කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙසින්ද කටයුතු කරන ද මෙල් මහතා පසුගිය මාස 8 ක පමණ කාලයේ සිට තේරීම් කමිටු සභාපති ධුරයේ කටයුතු කරමින් සිටියි.

2018 වසරේ දෙසැම්බර් මසදී අසන්ත ද මෙල් මහතා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරයට පත් කෙරුණු අතර එම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් ලෙස, චමින්ද මෙන්ඩිස්, බ්‍රෙන්ඩන් කුරුප්පු සහ හේමන්ත වික්‍රමරත්න යන කටයුතු කළහ.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest