slc
logo
Home   |    News
අගෝස්තු 23, 2019
ටෙස්ට් තරගය නරඹමින් අයි. සී. සී. සභාපතිවරයා ශ්‍රී ලංකා සංචාරය අරඹයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ ආරාධනාවකට අනුව මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපති ශෂාන්ක් මනෝහර් මහතා සංචාරක නවසීලන්ත පිල සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය නැරඹීම සඳහා අද (23 දා) කොළඹ පී. සරා ඕවල් පිටියට පැමිණෙමින් සිය සිව් දින නිල සංචාරය ආරම්භ කළේය.

පෙ.ව. 11.30 ට පමණ ක්‍රීඩාංගණයට පැමිණි මනෝහර් මහතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා විසින් පිළිගනු ලැබූ අතර පැයකට ආසන්න කාලයක් එම පිරිස ක්‍රිකට් සභාපතිවරයාට වෙන්ව තිබෙන නැරඹුම් කුටියේ සිට තරගය නරඹන අයුරු දක්නට ලැබිණ.

ජාත්‍යන්තර ක්‍රිකට් සභාපතිවරයා සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල උප සභාපතිවරයකු වන ඉම්රාන් ඛවාජා මහතාද මේ අවස්ථාවට සහභාගි වී සිටිය අතර ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සමඟ සුහද සාකච්ඡාවද නියැළෙන ආකාරයද දැක ගැනීමට හැකි විය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ක්‍රිකට් සභාපතිවරුන්ගේ සමුළුවක් අතරතුර මෙරට සංචාරයකට සහභාගිවන මෙන් ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා කරන ලද ආරාධනයකට අනුව මනෝහර් මහතා මෙම සිව් දින නිල සංචාරයට පැමිණ සිටියි.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest