slc
Home   |    News
අගෝස්තු 24, 2019
දික්වැල්ලගේ ආබාධය බරපතල නෑ

Sri Lanka Cricket

නවසීලන්ත ඉනිම ක්‍රියාත්මක වන අතරතුර ආබාධයකට ලක් වූ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ ආබාධය එතරම් දරුණු එකක් නොවන බව ධනංජය ද සිල්වා පවසයි. තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි ශතක ලාභී ධනංජය පන්දුවක් රැක ගැනීමට යෑමේදී නියපොත්ත ප්‍රදේශය තුළ ඇතිවී තිබෙන සුළු තුවාල තත්ත්වයක් හේතුවෙන් දික්වැල්ල කඩුලු රැකීමෙන් වැළකී සිටි බවයි.

“දික්වැල්ලට ලොකු අමාරුවක් නෑ. නියපොත්ත ළඟින් චුට්ටක් තුවාල වෙලා තිබ්බා. ඒ වෙලාවේ එයා එළියට ගිය එක හොඳයි. මොකද තුවාලය තවත් පාරගන්නේ නැතුව” යි ධනංජය පවසයි.

නවසීළන්ත ඉනිමේ 16 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද ළහිරු කුමාරගේ පන්දුවක් රැක ගැනීමට යෑමේදී නිරෝෂන් දික්වැල්ල එම ආබාධයට මුහුණ දුන්නේය. එම තත්ත්වය මත අතිරේක ක්‍රීඩකයකුව සිටි දිනේෂ් චන්දිමාල්ට කඩුලු රැකීමේ කර්තව්‍ය සිදු කිරීමට අවස්ථාව හිමිවිය.

මේ අතර නවසීලන්ත ඉනිම ආරම්භයේ පන්දු රැකීමට පැමිණි නායක දිමුත් කරුණාරත්නද දිනයේ අවසන් කාලයේදී පිටිය තුළ පන්දු රකිනු දැක ගත නොහැකි විය. ඒ පිළිබඳව ද අදහස් දක්වා සිටි ධනංජය “එයාටත් ප්‍රශ්නයක් නෑ. එයාගේ ගොඩක් වෙලා පන්දුවට පහර දුන්න නිසා එයාගේ කකුල් වල මස් පිඬු පොඩ්ඩක් තද වෙලා තියෙන්නේ. මං හිතන්නේ හෙට වෙනකොට ඒක හරියාවි”යි යනුවෙනි.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest