slc
logo
Home   |    News
අගෝස්තු 7, 2019
නවසීලන්තයට එරෙහි පුහුණු තරගයේ නායකත්වය අශාන් ප්‍රියන්ජනට

Sri Lanka Cricket

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ හෙට (08 දා) කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තුන් දින පුහුණු තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය සඳහා අශාන් ප්‍රියන්ජනව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විතව නම් කරන ලද එම කණ්ඩායමට, එළැඹෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඇතුළත්ව සිටින අතර ධනුෂ්ක ගුණතිලක, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, චාමික කරුණාරත්න සහ අසිත ප්‍රනාන්දු එම ක්‍රීඩකයෝ වෙති.

මීට අමතරව ඉකුත්දා නිමාවට නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගි වූ කණ්ඩායමේ කැපී පෙනෙන දක්ෂතා දක්වන ලද පිතිකරුවකු වන පැතුම් නිස්සංකවද ඇතුළත් කර තිබේ. ලබන 14 වැනිදා ආරම්භ වන දෙරට පළමු ටෙස්ට් තරගයට පෙර නවසීලන්ත පිලට හිමි පළමු හා එකම තුන් දින පුහුණු තරගය හෙට සිට ලබන 10 වැනිදා තෙක් පැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම – අශාන් ප්‍රියන්ජන (නායක), ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, ඕෂධ ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, භානුක රාජපක්ෂ, ඇන්ජලෝ පෙරේරා, මිනෝද් භානුක, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, ජෙෆ්රි වැන්ඩර්සි, අමිල අපෝන්සු, වනිඳු හසරංග, නිසල් තාරක.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

USD United States (US) dollar