slc
logo
Home   |    News
අගෝස්තු 8, 2019
නවසීලන්තයේ පෙරහුරු සටන වැස්ස නිසා ප්‍රමාද වෙයි

Sri Lanka Cricket

කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය හා ඒ අවට ප්‍රදේශයට ඇද හැළී තිබෙන වර්ෂාව හේතුවෙන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම් අතර අද (08 දා) ආරම්භවීමට නියමිතව තිබෙන තුන් දින පුහුණු තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට විනිසුරුවන්ට නොහැකි වී තිබේ.

ලබන 14 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගයට පෙර නවසීලන්ත කණ්ඩායමට හිමි පළමු සහ එකම තුන් දින පුහුණු තරගය වන්නේ අද ආරම්භවීමට නියමිත තුන්දින පුහුණු තරගය වේ. උදෑසන කාලය තුළ ක්‍රීඩාංගණයට වර්ෂාවෙන් බාධා ඇති නොවුණත් පෙර දින රාත්‍රිය පුරාම ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණයේ ඇතුළත ප්‍රදේශය තවමත් තෙත බරිතව පවතියි.

කෙසේ වෙතත් මේ වනවිට වැසි ආවරණ සියල්ලම තණතීරුවෙන් ඉවත් කොට තිබෙන අයුරු දැක ගැනීමට හැකිව තිබෙන අතර තරග හැකි ඉක්මනින් ආරම්භ කිරීම සඳහා ක්‍රීඩාංගණය භාර නිලධාරීන් මෙන්ම සේවක පිරිස දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිති.

උදෑසන සිටම මේ වන තෙක් ක්‍රීඩාංගණය තුළට හරි හමන් අව් රශ්මියක් පතිත නොවූ නමුත් තරගයේ ප්‍රධාන විනිසුරුවන් ලෙසින් කටයුතු කරනු ලබන රෝහිත කොට්ටහච්චි සහ දීපාල් ගුණවර්ධන යන මහත්වරුන් පෙ.ව. 10 ට පමණ ක්‍රීඩාංගණය ඇතුළත නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest