slc
logo
Home   |    News
අගෝස්තු 5, 2019
පුහුණුකරු වෙනස් කිරීමට ක්‍රීඩා ඇමැතිගෙන් කල් ඉල්ලයි

Sri Lanka Cricket

ක්‍රීඩා අමාත්‍යවරයා දැනුම් දී තිබෙන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වයේ වෙනස්කම සිදු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය එළැඹෙන නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අවසන් වන තෙක් ඒ සඳහා කල් ඉල්ලා තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන්ව මෙරටට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම තුළ තුළ පුළුල් වෙනසක් සිදු කිරීමට අවශ්‍ය බව පැවැසූ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊට පිළියමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු අංශයෙහි වෙනසක් සිදු කළ යුතු බව ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කිරීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන චන්දික හතුරුසිංහ මහතා සමඟ අත්සන් තබා ඇති කොන්ත්‍රාත්තුවට අනුව ඔහුගේ සේවා කාලය තවදුරටත් ඉතිරිව තිබෙන අතරම ඒ අතර නවසීලන්ත තරග සංචාරයද යෙදීම නිසා එම කල් ඉල්ලීමට හේතු වී තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මේ පිළිබඳව වූ අභියාචනය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ඉදිරිපත් කර තිබේ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]
  • ශ්‍රී ලංකාව පළමු දිනය නිමාවෙද්දී කඩුලු 9කට 229යි
    සාචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 9කට ලකුණු 229ක් ලබා සිටියේය. ගාල්ල […]
  • දිමුත්ට ගාලු පිටියේදී ගෞරවනීය උපහාර පිදීමක්
    පුරා වසර 13ක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් බිමේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය සේම ටෙස්ට් පිටියේ ඔහු ක්‍රීඩා කරනු දක්නට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee