slc
Home   |    News
අගෝස්තු 15, 2019
ශ‍්‍රී ලංකාව හඹා යෑම අරඹයි

Sri Lanka Cricket

ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු තරගයේ පළමු ඉණිමේ වාසිය තමන්ට නතු කර ගැනීම සඳහා ලකුණු 250ක ඉලක්කයක් හඹා යන ශ‍්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා අද (15 දා) තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් රැස් කර සිටියහ.

 නොදැවී පන්දුවට පහර දෙන නායක දිමුත් කරුණාරත්න පන්දු 40කදී හතරේ පහර දෙකක් සමඟින් ලකුණු 23ක් රැස් කර තිබුණු අතර කුසල් මෙන්ඩිස් පන්දු 2කට පමණක් මුහුණ දෙමින් එක් ලකුණක් රැස් කර ගෙන තිබුණි.

දිමුත් කරුණාරත්න සමඟ ඉනිම ඇරඹූ ලහිරු තිරිමාන්න තරගයේ 11 වැනි පන්දු වාරයේදී නැවත ක‍්‍රීඩාගාරයට හරවා යැවීමට අජාස් පටෙල් සමත් විය. තිරිමාන්න දැවී ගියේ ඉදිරියට පැමිණ පහරක් එල්ල කිරීමට උත්සාහ දැරීමේදී ස්ටම්ප් කිරීමකට ලක් වීමෙනි. දිවා ආහාරයට සුළු වේලාවක් ඉතිරිව තිබියදී තිරිමාන්න දැවී යාම ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන්ට දැඩි පීඩනයක් වනු ඇත. සුපුරුදු තරග රටාව වෙනස් කරමින් දඟ පන්දු යවන්නන් තිදෙනකු සමඟ පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට නම් එය මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය.

කඩුලූ 5කට ලකුණු 203ක් රැස් කර තිබියදී දෙවැනි දිනය ඇරඹූ නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස රෝස ටේලර් දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වූයේ නවසීලන්ත ඉනිම නිමා කිරීමේ ඉඩකඩ විවර කර ගනිමිනි. නවසීලන්ත ඉනිමේ සියළු බර කරට ගත් ක‍්‍රීඩකයා වූ ටේලර් අද දිනයේ යැවූ දෙවැනි පන්දු වාරයේදීම දැවී යාම ඔවුනට දරා ගත නොහැකි පාඩුවක් විය. අද දිනයේ කිසිදු ලකුණක් රැස් කිරීමට අසමත් වූ ටේලර් දික්වැල්ල අතට උඩපන්දුවක් ලබා දෙමින් ඊයේ දිනයේ පුවරුවේ සටහන් වූ ලකුණු 86දීම දැවී ගිය අතර හතරේ පහර 6ක් අන්තර්ගත වූ එම ඉනිම සඳහා ඔහු පන්දු 132කට මුහුණ දී තිබුණි.

ටේලර්ගේ ඉනිම නිමා වීමත් සමඟ නවසීලන්ත ඉනිමේ ඉතිරි කඩුලූ පහසුවෙන් දවා ගැනීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. නැවත වරක් ක‍්‍රියාත්මක වූ ලක්මාල් තරගයේ 74 වැනි පන්දු වාරයේදී මිචෙල් සෑන්ට්නර් ක‍්‍රීඩා ගාරයට හරවා යැවීමට සමත් විය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව සෑන්ට්නර් දැවී යන විට ඔහු රැස් කර ගෙන සිටි ලකුණු ගණන 13ක් විය.

සෑන්ට්නර්ගේ දැවී යාමෙන් පසු ක‍්‍රියාත්මක වූ තරගයේ ඊළඟ පන්දු වාරයේදීම ටිම් සවුති දුවද්දී දැවී යාමට ලක් වූ අතර ඒ වන විට නවසීලන්ත ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 222කට කඩුළු 8ක් ලෙසය. දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු වූ ගාළු තණතීරුවේ පෙරළිකාර පන්දු යැවීමක නිරත වීමට ලක්මාල් සමත් වීමත් සමඟම තරගයේ දෙවැනි නව පන්දුව ලබා ගැනීමට ශ‍්‍රී ලංකා නායකයා කටයුතු කළ නමුත් නවසීලන්ත ලකුණු පුවරුව යම් තරමක් ඉහළ දමමින් 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 27ක සබඳතාවයක් පිහිටුවීමට ට්‍රෙන්ට් බෝල්ට් සහ විළියම් සමර්විල් සමත් විය. නැවතත් ක‍්‍රියාත්මක වූ ලක්මාල් තරගයේ 84 වැනි පන්දු වාරයේදී බෝල්ට්ගේ කඩුල්ල දවා ගත් අතර මුහුණ දුන් පළමු පන්දුවේදී අජාස් පටෙල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් නවසීලන්ත ඉනිම නිමා කිරීමට සුරංග ලක්මාල් සමත් විය. තරගයේ දෙවැනි දිනයේ විශ්ෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් දිනයේ දැවී ගිය කඩුලූ 5න් 4ක්ම තමන් සතු කර ගැනීමට සමත් වීම විශේෂත්වයක් විය. එමෙන්ව පළමු ඉනිමේ අවසන් පන්දු 2ටම කඩුලූ දවා ගැනීම හේතුවෙන් දෙවැනි ඉනිමේ යවන පළමු පන්දුවෙන් කඩුල්ලක් ලබා ගනිමින් කඩුලූ ත‍්‍රිත්වයක හිමිකරුවා බවට පත් වීමේ අවස්ථාවද ලක්මාල්ට උදා වී ඇත.

ලකුණු සාරාංශය- නවසීලන්තය පන්දුවාර 83.2කදී සියළු දෙනා දැවී ලකුණු 249 (රොස් ටේලර් 86, හෙන්ර් නිකලස් 42, ජීත් රාවල් 33, ටොම් ලේතම් 30, ටෙ‍්‍රන්ට් බෝල්ට් 18, ටිම් සවුති 14, මිචෙල් සෑන්ට්නර් 13, විලයම් සමර්විල් නොදැවී 9, බී. ජේ. වොට්ලින් 1, කේන් විලියම්සන් 0, අජාස් පටෙල් 0, අකිල ධනංජය 80/5, සුරංග ලක්මාල් 29/4*

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest