slc
logo
Home   |    News
අගෝස්තු 12, 2019
ශ්‍රී ලංකා-නවසීලන්ත සජීවී විකාශනය රූපවාහිනියට හිමිවද්දී ගුවන් විදුලි විකාශන අයිතිය සිත එෆ්.එම්.ට

Sri Lanka Cricket

එළැඹෙන 14 වැනිදා ගාල්ලේදී ආරම්භ වන නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ මෙරට නිල සජීවී රූපවාහිනී විකාශන සිදුකිරීමේ අයිතිය ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව විසින් ලබාගෙන තිබෙන අතර සියළුම තරග එම සංස්ථාව යටතේ පවතින ‘චැනල් අයි’ නාලිකාව ඔස්සේ විකාශනය කෙරෙනු ඇත.

මීට අමතරව ගුවන් විදුලිය ඔස්සේ තරගය ශ්‍රවණය කරන පිරිස වෙනුවෙන් පන්දුවෙන් පන්දුවෙහි සජීවි විකාශන අයිතිය සිත එෆ්. එම්. විසින් සිදු කරනු ලබන අතර 88.8 හෝ 88.6 සුසර කිරීමෙන් එම සජීවී විස්තර විචාරය ශ්‍රවණය කිරීමේ අවස්ථාව හිමි වනු ඇත.

ප්‍රධාන විකාශන අයිතීන් එසේ සිදුවද්දී ඩිජිටල් මාධ්‍ය භාවිතයෙන් ද මෙම තරගාවලිය නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදා කර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ Youtube චැනලය ඔස්සේ හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩෙවියේද ඔස්සේ සජීවී තරග විකාශය නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදා වී තිබේ.

SLC Youtube – https://www.youtube.com/srilankacricket

SLC Web Page – https://srilankacricket.lk/live/

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee