slc
logo
Home   |    News
අගෝස්තු 31, 2019
නැගී එන කණ්ඩායම් සටන ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

Sri Lanka Cricket

සිව්වැනි දිනටද වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර තරගය කුල්නාහි පැවැති පළමු නිල නොවන ටෙස්ට් තරගය විසඳුමකින් තොව අවසන් විය. වර්ෂාව හේතුවෙන් දිනය අවසන් වීමට පෙර තරගය නවතා දමන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ පිතිකරුවෝ කඩුලු 4 කට ලකුණු 102 ක් ලබා සිටියහ.

ලකුණු 116 ක් ඉදිරියෙන් සිට දෙවැනි ඉනිම ඇරඹූ බංග්ලාදේශ නැගී එන පිල වෙනුවෙන් සයිෆ් හසන් ලකුණු 40 ක් සහ සකීර් හසන් ලකුණු 25 ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. පන්දු යැවීමෙන් කැපී පෙනුණු නිශාන් පීරිස් කඩුලු 3 ක් දවා ගනිද්දී අසිත ප්‍රනාන්දු කඩුල්ලක් දවා ගත්තේය.

කඩුලු 6 කට ලකුණු 190 ක් ලබා සිටියදී සිව්වැනි දිනය ඇරඹූ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද දිනයේදී තවත් ලකුණු 54 කින් ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගත්හ. ඒ වෙනුවෙන් පවුරක් සේ නොසැලී ක්‍රීඩා කළ මැද පෙළ පිතිකරු අශේන් බණ්ඩාරගේ පිතිහරඹය කැපී පෙනිණ. වඩාත් ඉවසිලිවන්ත වූ බණ්ඩාර ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙසින් දැවී යන විටත් පන්දු 256 කට මුහුණ දී ලකුණු 85 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 103 කුත් පන්දු 4 කට ක්‍රීඩා කළ අතර ඉන් 42 කුත් පන්දු 4 කටම අශේන් බණ්ඩාර තනිවම මුහුණ දීම කැපී පෙනෙයි.

බංග්ලාදේශ කණ්ඩායමේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්වූ නයීම් හසන් දිනයේ පළමු කඩුල්ල ලෙස චාමික කරුණාරත්නව දවා ගනිමින් සිය කඩුලු 5 සම්පූර්ණ කරගත්තේය. ඉන් නොනැවතුණු නයීම් කලන පෙරේරාව ලකුණු 08 කට සහ නිශාන් පීරිස් ව ලකුණු 15 කට දවා ගනිමින් තම කඩුලු සංඛ්‍යාව 7 දක්වා ඉහළ දමා ගන්නා ලද්දේ ලකුණු 93 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

දැවී යෑමට අශේන් බණ්ඩාරට එක්වූ නිශාන් පීරිස් 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 28 ක් එක් කිරීමට දායකත්වය ලබා දුන්නේය. මෙම සම්බන්ධතාවය නොවන්නට ශ්‍රී ලංකා නැගී එන පිලට ලකුණු 250 සීමාව ආසන්නයට පැමිණීමට නොහැකි වනු ඇත.

දෙවැනි දිනයේ සිට පන්දුවට පහර දීමට පැමිණි අශේන් බණ්ඩාර වර්ෂාව හේතුවෙන් පන්දුවාර 49 කට සීමා වුණු තෙවැනි දිනයේදීසිය කඩුල්ල ආරක්ෂා කරමින් පන්දුවට පහර දීමට සමත්වීම මත තෙවැනි දිනය තුළ ලකුණු 86 ක් එක් කර ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට අවස්ථාව උදාවිය. අනෙක් අන්තයද ආරක්ෂා කරගනිමින් අශේන් පන්දුවට පහර දුන් බැවින් එම දිනයේදී බංග්ලාදේශ පන්දු යවන්නන්ට දවා ගැනීමට හැකිවූයේ කඩුලු 2 ක් පමණි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය ලබන මස 03 වැනිදා ශෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee