slc
Home   |    News
අගෝස්තු 31, 2019
නැගී එන කණ්ඩායම් සටන ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

Sri Lanka Cricket

සිව්වැනි දිනටද වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර තරගය කුල්නාහි පැවැති පළමු නිල නොවන ටෙස්ට් තරගය විසඳුමකින් තොව අවසන් විය. වර්ෂාව හේතුවෙන් දිනය අවසන් වීමට පෙර තරගය නවතා දමන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ පිතිකරුවෝ කඩුලු 4 කට ලකුණු 102 ක් ලබා සිටියහ.

ලකුණු 116 ක් ඉදිරියෙන් සිට දෙවැනි ඉනිම ඇරඹූ බංග්ලාදේශ නැගී එන පිල වෙනුවෙන් සයිෆ් හසන් ලකුණු 40 ක් සහ සකීර් හසන් ලකුණු 25 ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. පන්දු යැවීමෙන් කැපී පෙනුණු නිශාන් පීරිස් කඩුලු 3 ක් දවා ගනිද්දී අසිත ප්‍රනාන්දු කඩුල්ලක් දවා ගත්තේය.

කඩුලු 6 කට ලකුණු 190 ක් ලබා සිටියදී සිව්වැනි දිනය ඇරඹූ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද දිනයේදී තවත් ලකුණු 54 කින් ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගත්හ. ඒ වෙනුවෙන් පවුරක් සේ නොසැලී ක්‍රීඩා කළ මැද පෙළ පිතිකරු අශේන් බණ්ඩාරගේ පිතිහරඹය කැපී පෙනිණ. වඩාත් ඉවසිලිවන්ත වූ බණ්ඩාර ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙසින් දැවී යන විටත් පන්දු 256 කට මුහුණ දී ලකුණු 85 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 103 කුත් පන්දු 4 කට ක්‍රීඩා කළ අතර ඉන් 42 කුත් පන්දු 4 කටම අශේන් බණ්ඩාර තනිවම මුහුණ දීම කැපී පෙනෙයි.

බංග්ලාදේශ කණ්ඩායමේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්වූ නයීම් හසන් දිනයේ පළමු කඩුල්ල ලෙස චාමික කරුණාරත්නව දවා ගනිමින් සිය කඩුලු 5 සම්පූර්ණ කරගත්තේය. ඉන් නොනැවතුණු නයීම් කලන පෙරේරාව ලකුණු 08 කට සහ නිශාන් පීරිස් ව ලකුණු 15 කට දවා ගනිමින් තම කඩුලු සංඛ්‍යාව 7 දක්වා ඉහළ දමා ගන්නා ලද්දේ ලකුණු 93 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

දැවී යෑමට අශේන් බණ්ඩාරට එක්වූ නිශාන් පීරිස් 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 28 ක් එක් කිරීමට දායකත්වය ලබා දුන්නේය. මෙම සම්බන්ධතාවය නොවන්නට ශ්‍රී ලංකා නැගී එන පිලට ලකුණු 250 සීමාව ආසන්නයට පැමිණීමට නොහැකි වනු ඇත.

දෙවැනි දිනයේ සිට පන්දුවට පහර දීමට පැමිණි අශේන් බණ්ඩාර වර්ෂාව හේතුවෙන් පන්දුවාර 49 කට සීමා වුණු තෙවැනි දිනයේදීසිය කඩුල්ල ආරක්ෂා කරමින් පන්දුවට පහර දීමට සමත්වීම මත තෙවැනි දිනය තුළ ලකුණු 86 ක් එක් කර ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට අවස්ථාව උදාවිය. අනෙක් අන්තයද ආරක්ෂා කරගනිමින් අශේන් පන්දුවට පහර දුන් බැවින් එම දිනයේදී බංග්ලාදේශ පන්දු යවන්නන්ට දවා ගැනීමට හැකිවූයේ කඩුලු 2 ක් පමණි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය ලබන මස 03 වැනිදා ශෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest