slc
logo
Home   |    News
අගෝස්තු 24, 2019
දික්වැල්ලගේ ආබාධය බරපතල නෑ

Sri Lanka Cricket

නවසීලන්ත ඉනිම ක්‍රියාත්මක වන අතරතුර ආබාධයකට ලක් වූ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ ආබාධය එතරම් දරුණු එකක් නොවන බව ධනංජය ද සිල්වා පවසයි. තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි ශතක ලාභී ධනංජය පන්දුවක් රැක ගැනීමට යෑමේදී නියපොත්ත ප්‍රදේශය තුළ ඇතිවී තිබෙන සුළු තුවාල තත්ත්වයක් හේතුවෙන් දික්වැල්ල කඩුලු රැකීමෙන් වැළකී සිටි බවයි.

“දික්වැල්ලට ලොකු අමාරුවක් නෑ. නියපොත්ත ළඟින් චුට්ටක් තුවාල වෙලා තිබ්බා. ඒ වෙලාවේ එයා එළියට ගිය එක හොඳයි. මොකද තුවාලය තවත් පාරගන්නේ නැතුව” යි ධනංජය පවසයි.

නවසීළන්ත ඉනිමේ 16 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද ළහිරු කුමාරගේ පන්දුවක් රැක ගැනීමට යෑමේදී නිරෝෂන් දික්වැල්ල එම ආබාධයට මුහුණ දුන්නේය. එම තත්ත්වය මත අතිරේක ක්‍රීඩකයකුව සිටි දිනේෂ් චන්දිමාල්ට කඩුලු රැකීමේ කර්තව්‍ය සිදු කිරීමට අවස්ථාව හිමිවිය.

මේ අතර නවසීලන්ත ඉනිම ආරම්භයේ පන්දු රැකීමට පැමිණි නායක දිමුත් කරුණාරත්නද දිනයේ අවසන් කාලයේදී පිටිය තුළ පන්දු රකිනු දැක ගත නොහැකි විය. ඒ පිළිබඳව ද අදහස් දක්වා සිටි ධනංජය “එයාටත් ප්‍රශ්නයක් නෑ. එයාගේ ගොඩක් වෙලා පන්දුවට පහර දුන්න නිසා එයාගේ කකුල් වල මස් පිඬු පොඩ්ඩක් තද වෙලා තියෙන්නේ. මං හිතන්නේ හෙට වෙනකොට ඒක හරියාවි”යි යනුවෙනි.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee