slc
logo
Home   |    News
අගෝස්තු 12, 2019
බංග්ලාදේශ සංචාරයට පෙර නැගීඑන කණ්ඩායමේ දක්ෂතා

Sri Lanka Cricket

සිය ජ්‍යෙෂ්ඨ කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම සමඟ තරගාවලියට සැරසෙද්දී නිල නොවන එක්දින තරග 3 කට සහ සිව්දින ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම මේ මස 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය. නැගී එන කණ්ඩායම් අතර වන ආසියානු කුසලාන තරගාවලිය මෙම වසරේ දෙසැම්බරයේදී බංග්ලාදේශයේ පැවැත්වීම හේතුවෙන් මෙම තරගාවලියේදී ලබන අත්දැකීම් එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගී එන පිලට බෙහෙවින්ම වැදගත් වනු ඇත.

ඒ අනුව ප්‍රථමයෙන්ම දෙරට එක්දින තරගවලදී මුණ ගැසෙනු අතර එහි පළමු තරගය අගෝස්තු 18 වැනිදාද දෙවැනි තරගය අගෝස්තු 21 වැනිදාද සහ තෙවැනි තරගය අගෝස්තු 24 වැනිදාද පැවැත්වෙනු ඇත. උක්ත තරග 3 ම සවාර්හි පැවැත්වීමට නියමිත අතර එම තරගාවලියෙන් පසුව ඇරඹෙන සිව් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අගෝස්තු 27 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. කුල්නාහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව දෙවැනි තරගය සැප්තැම්බර් 03 වැනිදා සිට 06 වැනිදා දක්වා කොක්ස් බසාර්හිදී පැවැත්වෙනු ඇත.

අසලංකගේ නායකත්වය යටතේ පසුගියදා දකුණු අප්‍රිකාවේ තරග සංචාරයකට සහභාගි වුණු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු විශ්වවිද්‍යාල කණ්ඩායම් අතර තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගි වෙමින් එම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත්විය.

එම සංචාරය යටතේ පැවැති තරග 2 කින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලිය 1-0 ක් ලෙස ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පරාජයට පත් වුවද සමස්ථ තරගාවලියේ දක්වන ලද දක්ෂතා ඉතා ඉහළ මට්ටමක පැවැතීම කැපී පෙනුණි. වේග පන්දු යවන්නන්ට උචිත ලෙසින් හැසිරෙන දකුණු අප්‍රිකානු තණතීරුවලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ පරාජය වූ තරගයේදීද ජයග්‍රහණයේ ආසන්නයට පැමිණිමට සමත්වූ අතර ජයග්‍රහණයේ පරතරය බවට පත්වූයේ ලකුණු 28 කිනි.

එම සංචාරයට ඇතුළත්ව කැපී පෙනෙන දස්කම් දැක්වූ ලසිත් ඇඹුල්දෙණිය නවසීලන්ත පිල සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර ඇති හෙයින් ඔහුට මෙම තරගාවලිය මඟ හැරෙනු ඇත. එම තරගාවලියේ සිව් දින තරග 2 ට ක්‍රීඩා කළ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 18 ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභියා බවට පත්වූවේය. කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 24.72 ක් ලෙසින් සටහන් වන ඇඹුල්දෙණියගේ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 156 ට කඩුලු 8 ක් දවා ගැනීම සටහන් විය. පිතිකරුවන් අතර තරග 2 තකදී ලකුණු 145 ක් ලබා ගත් මිනෝද් භානුක පෙරමුණ ගනු ලැබීය.

එම තරගාවලියට ප්‍රථම පැවැති තුන් කොන් ක්‍රිකට් තරගාවලියේදී පිතිකරුවකු ලෙස කැපී පෙනුණු පැතුම් නිස්සංක තරග 4 කදී ලකුණුඅ 233 ක් ලබා ගනිමින් පිතිකරුවන් අතර පෙරමුණ ගනිද්දී තරග 7 කදී කඩුලු 10 ක් දවා ගත් අමිල අපෝන්සු පන්දු යවන්නන් අතර පෙරමුණ ගත්තේය.

එළැඹෙන 18 වැනිදා සිට ඇරඹෙන නැගී එන කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ තරග කාල සටහන සහ ඉකුත් දකුණු අප්‍රිකානු තරග සංචාරය යටතේ පැවැති ටෙස්ට් සහ එක්දින තරග අංශවල ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ක්‍රීඩකයින් දක්වන ලද දක්ෂතා පහත දැක්වේ.

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee