slc
logo
Home   |    News
අගෝස්තු 19, 2019
වනිඳුගේ දක්ෂතා බංග්ලාදේශ නැගී එන පිල වනසයි

Sri Lanka Cricket

බංග්ලාදේශ නැගී එන පිලට එරෙහිව සාවර්හිදී අද(18 දා) පැවැති පළමු නිල නොවන එක්දින තරගයෙන් ලකුණු 186 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළ චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.

මෙම තරගය මුළුමනින්ම තමන්ගේ තරගයක් කරගත් නැගී එන කණ්ඩායම් ක්‍රීඩක වනිඳු හසරංග තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙමින් ශ්‍රී ලංකා නැගී එන පිලට ජයග්‍රාහී මාවත විවර කර දුන්නේය. එහිදී පිත්තෙන් ලකුණු 70 ක් ලබා ගත් වනිඳු පන්දු යවමින් ලකුණු 12 කට කඩුලු 4 ක් දවා බංග්ලාදේශ නැගී එන පිල අසරණ කර දැම්මේය.

වනිඳගේ පිතිහරඹය හේතු කොට ගෙන ලකුණු 305 ක දැවැන්ත ඉලක්කයක් බංග්ලාදේශ පිල හමුවේ ලබා දීමට ශ්‍රී ලංකා නැගී එන පිල සමත් වුවත් එය හඹා ගිය සත්කාරක පිතිකරුවෝ පන්දුවාර 28.3 කදී ලකුණු 118 කට සීමා කිරීමට වනිඳු හසරංග ප්‍රමඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

මීට අමතරව පන්දු යවන්නන් අතරින් ලසිත් මාලිංගගේ  ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන නුවන් තුෂාර, ප්‍රථම වරට කණ්ඩායමට එක්වූ ශිරාන් ප්‍රනාන්දු සහ පළපුරුදු ක්‍රීඩක අමිල අපෝන්සු කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

බංග්ලාදේශ පන්දු යවන්නන්ට කිසිදු ඉඩක් ලබා නොදුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 කට ලකුණු 304 ක් රැස් කරගත්තේය. වනිඳුට අමතරව නායක චරිත් අසලංක වාර්තා කරන ලද අර්ධ ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 300 සීමාව පහසුවෙන්ම පසුකර යෑමට අවස්ථාව උධා විය. ඒ වෙනුවෙන් වනිඳු හසරංග පන්දු 46 කට මුහුණ දෙමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 70 ක්ද චරිත් අසලංක පන්දු 79 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 71 ක් රැස් කරමින් නැගී එන පිලට ජීවය ලබා දුන්හ.

ලකුණු සාරාංශය – ශ්‍රී ලංකා නැගී එන පිල පන්දුවාර 50 කදී 304/7 යි – චරිත් අසලංක 71, සඳුන් වීරක්කොඩි 31, ශම්මු අශාන් 33, කමිඳු මෙන්ඩිස් 28, වනිඳු හසරංග 70, අෂේන් බණ්ඩාර (නොදැවී 29), ශෆිකුල් ඉස්ලාම් 22/2, ශහිඩුල් ස්ලාම් 71/2)

බංග්ලාදේශ නැගී එන පිල පන්දුවාර 28.3 කදී ලකුණු 118 යි – (සයිෆ් හසන් 50 වනිඳු හසරංග 12/4, අමිල අපෝන්සු 25/2, ශිරාන් ප්‍රනාන්දු 28/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee