slc
logo
Home   |    News
අගෝස්තු 25, 2019
ශ්‍රී ලංකා නැගී එන පිලට තවත් එක්දින තරගාවලි ජයක්

Sri Lanka Cricket

බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 7 ක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රාහීව අවසන් කර ගැනීමට සමත්වූහ.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ නැගී එන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 5 කට ලකුණු 270 ක ඉලක්කයක් ශ්‍රී ලංකා නැගී එන පිල හමුවේ තැබුවද ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වද්දී වර්ෂාවෙන් බාධා ඇති විය. ඒ අනුව පන්දුවාර 28 කට සීමා වුණු තරගයේ ජයග්‍රාහී ඉලක්කය බවට පත්වූ ලකුණු 199 ක ඉලක්කය සාර්ථක ලෙස හඹා ගිය චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නැගී එන පිතිකරුවෝ එම ඉලක්කය සපුරා ගන්නා ලද්දේ පන්දුවාර 24 ක් පමණක් වැය කරමිනි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ කඩුලු 7 ක් එහෙම් පිටින්ම ඉතිරිව එම ඉලක්කය පහසුවෙන් සපුරා ගන්නා විටදී වේගවත් පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක පන්දු 78 කදී වේගවත් ලකුණු 115 කින් දායකත්වය දැක්වූවේය. ඉනිමේ ආරම්භක පිතිකරුවා ලෙසින් ද කටයුතු කරන ලද පැතුම් සිය ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 8 කින් සරසා ගනිද්දී ඔහුගේ ඉනිම නිමාවට පත්කළ හැකි පන්දු යවන්නකු බංග්ලාදේශ නැගී එන කණ්ඩායම තුළ නොවීය.

ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් ක්‍රීඩාව භාර ගැනීමට සිටින තරු අතර ඉදිරියෙන්ම සිටින තරුවක් බවට පත්ව සිටින පැතුම් ගෙවී ගිය කාල සීමාවේදී තමන්ට දුන් අවස්ථාවලින් හොඳින්ම ප්‍රයෝජන ගත් පිතිතරුවකු ලෙසින් සඳහන් කළ හැක. මෙම තරගයේදී බංග්ලාදේශ පිල වෙනුවෙන් ඉනිම ඇරැඹි සයිෆ් හසන් ද ශතකයක් ලබා ගත් නමුත්, ඔහුගේ ශතකයට වඩා පැතුම්ගේ ශතකය කැපී පෙනුණේ එය තරග දිනවන ඉනිමක් බවට පත්වූ බැවිනි. එම සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද පැතුම් නිස්සංක පිදුම් ලැබීය.

අදාළ හඹා යෑමේදී ශ්‍රී ලංකා ඉනිමේ අංක 4 පිතිකරු ස්ථානයෙන් පිටියට පිවිසි මිනෝද් භානුක සමඟ එක්වූ පැතුම් පන්දු 77 කදී වේගවත් ලකුණු 122 ක සම්බන්ධතාවක් පවත්වා ශ්‍රී ලංකා පිල ජයකණුව කරා රැගෙන ගියේය. එහිදී පැතුම්ට අනගි සහායක් ලබා දුන් මිනෝද් භානුක පන්දු 32 ක් ඇතුළත ලකුණු 55 ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදී හසිත බෝයගොඩ සහ චරිත් අසලංක දෙදෙනාම එතරම් සාර්ථකත්වයට පත් නොවුණු නමුත් මොවුන් දෙදෙනාගේ ප්‍රහාරාත්මක ඉනිම් ප්‍රධාන කොට එම ජයග්‍රහණය පන්දු 24 ක් ඉතිරිව තිබියදී සපුරා ගැනීමට අවස්ථාව උදාවිය.

බංග්ලාදේශය වෙනුවෙන් ලකුණු 117 ක් ලද සයිෆ් හසන් සිය ඉනිම සඳහා පන්දු 130 කට මුහුණ දුන්නේය. හයේ පහර 7 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම අලංකාර කරගත් සයිෆ් අෆීෆ් හොසේන් (68) සමඟ එක්වෙමින් සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 117 කදී වේගවත් ලකුණු 125 ක සම්බන්ධතාවක් පවත්වා බංග්ලාදේශ ලකුණු පුවරුව ඔසවා තැබීය.

ප්‍රධාන පුහුණුකරු ලෙසින් චමින්ද වාස් මහතා පත්වීමෙන් පසු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තරග වැදුණු දෙවැනි එක්දින තරගාවලිය වන්නේ මෙම තරගාවලිය වේ. මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී තුන්කොන් එක්දින තරගාවලියකට සහභාගිවෙමින් එම තරගාවලියේද ශූරතාව දිනා ගැනීමට සමත්විය. එම අවස්ථා ද්විත්වයේම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන ලද්දේ චරිත් අසලංක ය.

ලකුණු සාරාංශය – බංග්ලාදේශ නැගී එන පිල පන්දුවාර 50 දී 269/5 යි – (සයෆ් හසන් 117, අෆීෆ් හොසේන් (නොදැවී) 68, නජිමුල් හොසේන් 39, යසීන් අර්ෆත් (නොදැවී) 13, කලන පෙරේරා 47/2, රමේෂ් මෙන්ඩිස් 44/1, ශිරාන් ප්‍රනාන්දු 48/1, වනිඳු හසරංග 58/1)

ශ්‍රී ලංකා නැගී එන පිල පන්දුවාර 24 කදී 199/3 යි – (පැතුම් නිස්සංක (නොදැවී) 115, මිනෝද් භානුක 55, හසිත බෝයගොඩ 12, කමිඳු මෙන්ඩිස් (නොදැවී) 05, යසීන් අර්ෆත් 29/1, අමිනුල් ස්ලාම් 32/1, රොබියුල් හක් 39/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee