slc
logo
Home   |    News
අගෝස්තු 23, 2019
එක්දින සහ විස්සයි/20 තරගාවලියකට ශ්‍රී ලංකාව සැප්තැම්බරයේ පාකිස්තානයට යයි

Sri Lanka Cricket

ටෙස්ට් ලෝක ශූරතාවය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2 ට පෙර තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි/20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන සැප්තැම්බර් මස අගදී පාකිස්තානය බලා යෑමට නියමිතය.

සැප්තැම්බර් මස 27 වැනිදා සිට ඔක්තෝම්බර් 09 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය යටතේ එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග තුනක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව එක්දින තරග සියල්ලම කරච්චි නුවරදී පැවැත්වෙන අතර විස්සයි/20 තරග 3 ලාහෝර්හිදීද පැවැත්වෙනු ඇත.

 ටෙස්ට් ලෝක ශුරතාවය යටතේ පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරග 2 ට සහභාගිවීම සඳහා සුදුසු ආරක්ෂක තත්ත්වයක් තිබේද යන්න පරික්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු සිව් දෙනෙකුගෙන් සමන්විත නිලධාරීන් පිරිසක් ඉකුත්දා පාකිස්තානයේ සංචාරයක නිරත විය. එම සංචාරය සාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙසින් මෙම එක්දින සහ විස්සයි/20 තරගාවලිය ස්ථීර වී තිබේ.

කෙසේ වෙතත් දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන දෙසැම්බර් මස දක්වා කල් දැමීමටද දෙපාර්ශ්වයව එකඟ වී තිබේ. පාකිස්තානයට ජාත්‍යන්තර තරගාවලියකට ක්‍රීඩා කිරීමට පැමිණිම පිළිබඳව අදහස් දක්වා සිටින පාකිස්තානු ක්‍රිකට් ආයතන ප්‍රධානී එෂාන් මානි මහතා, පාකිස්තානයට යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලබාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබාදෙන සහයෝගය පිළිබඳව තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වන බවයි.

මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා,  තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධ පූර්ණ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගන්නා බව සඳහන් කර සිටියි. වැඩිදුරටත් අදහස් දක්වා සිටින ශම්මි සිල්වා මහතා, “ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිත භාවයේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරගන්නවා වගේම ඒ පිළිබඳව වඩාත් අවධානයකින් සලකනවා. මේ පිළිබඳව කිසියම් සැකයක් පැවැතියේ නම් මේ තරගාවලිය පැවැත්වීම සම්බන්ධව ඉදිරි කටයුතුවලට සම්බන්ධ වන්නේ නෑ” යි පවසයි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee