slc
logo
Home   |    News
අගෝස්තු 19, 2019
දිමුත් කරුණාරත්න හොඳම පිතිකරුවන් 10 දෙනා අතරට එයි

Sri Lanka Cricket

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු පිතිකරුවන් 10 අතර ඉඩක් වෙන් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සමත්වී තිබේ. නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති තරගයේදී පිතිකරුවකු ලෙසින් දක්වන ලද දක්ෂතා මත එම ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානය දක්වා පැමිණීමට දිමුත්ට අවස්ථාව උදා වී තිබේ.

නවසීලන්තය සමඟ ගාල්ලේ පැවැති තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 39 ක් රැස් කළ දිමුත්, දෙවැනි ඉනිමේදී ලකුණු 122 ක් රැස් කරමින් කඩුලු 6 ක වාර්තාගත ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා පිල රැගෙන ගියේය. මෙම තරගයට පෙර ප්‍රසාද ලකුණු 676 ක් ලබා එම ශ්‍රේණිගත කිරීමෙහි 13 වැනි ස්ථානයේ රැදී සිටි දිමුත්, අවසන් ටෙස්ට් තරගයේ දක්වන ලද දක්ෂතාවයත් සමඟ ඔහුගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 716 දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් දිමුත් අදාළ ශ්‍රේණිගත කිරීමෙහි පළමු ස්ථානය 10 ට අතරට පැමිණි පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර ඔහු 7 වැනි ස්ථානයේ රැඳී සිට තිබේ. දිමුත්ට අමතරව මෙම තරගයේදී පිතිකරුවන් ලෙස දක්ෂතා දක්වන ලද ඇන්ජලෝ මැතිව්ස්, 17 වැනි ස්ථානයේ සිට 14 වැනි ස්ථානය දක්වාද නිරෝෂන් දික්වැල්ල 38 වැනි ස්ථානයේ සිට 33 වැනි ස්ථානය දක්වාද ඉදිරියට පැමිණ සිටිති.

පන්දු යවන්නන් අතරින් පළමු ඉනිමේදී කඩුලු 5 ක් දවා ගත් අකිල ධනංජය 45 වැනි ස්ථානයේ සිට 36 වැනි ස්ථානය දක්වාද ඉදිරියට පැමිණෙද්දී ලසිත් ඇඹුල්දෙණිය 79 වැනි ස්ථානයේ සිට 69 වැනි ස්ථානය දක්වා පැමිණ සිටියි.

මේ අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර ප්‍රසාද ලකුණු 94 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 6 කින් ජය ගැනීමට මත්වීම මත එම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 97 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම මෙම තරගාවලියට පෙර ප්‍රසාද ලකුණු 109 ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයේ පසුවූ නවසීලන්ත පිලේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලද පරාජයත් සමග 105 දක්වා අඩුව තිබෙන බැවින් නවසීලන්ත පිල සිව්වැනි ස්ථානය දක්වා පහත බැස තිබීමද කැපී පෙනෙයි. 

Active filters

Recent Posts

  • පානදුර⁣ට ලකුණු පහක තියුණු ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවැති තරග දෙකකදී තියුණු තරගයකින් පසුව පාණදුර කණ්ඩායම ලකුණු පහකින් ප්‍රබල කෝල්ට්ස් කණ්ඩායම […]
  • චිලව් මේරියන්ස් – මුවර්ස් ජය ලබති
     අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති තරග අතුරින් චිලව් මේරියන්ස් සහ මුවර්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.  චිලව් මේරියන්ස් කඩුලු හතරකින් බදුරලිය පරාජය කළ අතර […]
  • අවුරු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් දෙවැනි දිනය වැස්සට සේදෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (17 දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 ම අයහපත් කාලගුණය […]
  • ක්‍රීඩකයින් 420 ක් LPL වෙන්දේසියට සුදුසුකම් ලබති
    මෙරට පැවැත්වෙන මහා ක්‍රිකට් සැණකෙළිය හේවත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන මැයි 21 වැනිදා ප.ව. 12.00 සිට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්වෙන අතර […]
  • පුහුණු තරගවලට පෙර කුසල්ට කණ්ඩායම සමඟ එකතුවේවි – ඈෂ්ලී ද සිල්වා
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත යෑමට වීසා ඇයැදුම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය එම තානාපති කාර්යාලය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee