slc
logo
Home   |    News
අගෝස්තු 20, 2019
විස්සයි/20 තරගාවලියේදී විලියම්සන් සහ බෝල්ට් විවේක ගන්වයි

Sri Lanka Cricket

ටෙස්ට් තරගාවලිය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි/20 ක්‍රිකට් තරගාවලියේදී නිත්‍ය නායක කේන් විලියම්සන් සහ වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් ව විවේක ගැන්වීමට නවසීලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටිම් සවුතිට පවරා තිබේ.

ඉදිරි තරග කාල සටහන නවසීලන්තයට දැඩි කාර්යබුහල සමයක් ගෙන දෙන බැවින් ඒ පිළිබඳව සිතා බලා විලියම්සන් සහ බෝල්ට්ව විවේක ගැන්වීමට පියවර ගෙන තිබේ. මේ පිළිබඳව අදහස් දක්වා සිටින එරට තේරීම් කමිටු සාමාජික ගැවින් ලාර්සන්, කේන් සහ ට්‍රෙන්ට් ඉකුත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නවසීලන්ත පිල වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ ක්‍රීඩකයින් බවත්, නවසීලන්තයේ ඉදිරි තරග කාල සටහන ඉතාමත් කාර්යය බහුල සමයක් වීම හේතුවෙන් ඔවුන් දෙපළ විවේක ගැන්වීමට පියවර ගත් බවත් සඳහන් කර සිටියි.

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම තරග 3 සඳහා නම් කරන ලද නවසීලන්ත කණ්ඩායමට විශේෂඥ දඟ පන්දු යවන්නන් තිදෙනෙකුම නම් කර තිබෙන අතර මිචෙල් සැන්ට්නර්, ටොඩ් ඇස්ට්ල් සහ ඉෂ් සෝධි එම පන්දු යවන්නෝ වෙති.

ප්ලංකට ශීල්ඩ් තරගාවලිය අතරතුරදී ඇඟිල්ලේ ආබාධයකට ලක්ව ලෝක කුසලාන තරගාවලි මඟ හැරුණු කඩුලු රකින ක්‍රීඩක ටිම් සයිෆර්ට් වද මෙම කණ්ඩායමට නම් කර තිබේ. ඊට අමතරව සුපර් ස්මෑෂ් විස්සයි/20 ක්‍රිකට් තරගාවලියේදී පිතිකරුවකු ලෙස දක්ෂතා දක්වන ලද ටොම් බෲස්ද නම් කරන ලද 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට ඇතුළත් වී සිටියි. එම තරගාවලිය යටතේ ඉනිම 11 කට ක්‍රීඩා කළ බෲස් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 40 ආසන්න සංඛ්‍යාවක් රඳවා ගනිමින් මුලු ලකුණු 353 ක් රැස් කර ගැනීමට සමත්ව තිබේ. ඔහුගේ ප්‍රාහාරාත්මක වේගය 157.58 ක් ලෙස සටහන් වේ.

දෙරට අතර විස්සයි/20 තරගාවලිය ලබන සැප්තැම්බර් මස 01 වැනිදා මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැනි තරගය 03 වැනිදාත් තෙවැනි තරගය 06 වැනිදාත් පැවැත්වෙනු ඇත.

නවසීලන්ත විස්සයි/20 පිල – ටිම් සවුති (නායක), ටොඩ් ඇස්ට්ල්, ටොම් බෘස්, කොලින් ඩි ග්‍රෑන්ඩ්හොම්, ලොකී ෆර්ගියුසන්, මාර්ටින් ගප්ටිල්, ස්කොට් කුග්ලයින්, ඩැරිල් මිචෙල්, කොලින් මුන්රෝ, සෙත් රාන්ස්, මිචෙල් සැන්ට්නර්, ටිම් සයිෆර්ට්, ඉෂ් සෝධි, රොස් ටේලර්.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිල ශ්‍රී ලංකාවට පැමිණෙයි
    ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගිවීම සදහා ඉන්දීය අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) ශ්‍රී […]
  • ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
    ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් […]
  • අවු. 23 න් පහළ – එකම තරගයේ ශතක තුනක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගයේදී දෙපිළේම පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට […]
  • මල්ෂ සහ තිසරුගෙන් කැපී පෙනෙන දක්ෂතා
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේදී පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුවර්ස් […]
  • අවු. 23න් පහළ දෙදින තරගාවලියේ පළමු ජය එස්.එස්.සී. පිලෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee