slc
Home   |    News
සැප්තැම්බර් 7, 2019
එකම තරගයේදී මාලිංගගෙන් වාර්තා තුනක්

Sri Lanka Cricket

නවසීලන්තයට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී සුවිශේෂී වාර්තා තුනකට හිමිකම් කීමට ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායක ලසිත් මාලිංග සමත්විය. විස්සයි-20 තරග අංශයේ කඩුලු 100 ක් දවා ගත් විස්සයි-20 තරගවල කඩුලු ත්‍රිත්ව 2 ක් ලබා ලොව පළමු පන්දු යවන්නාගේ ලෝක වාර්තාවලට හිමිකම් කී මාලිංග පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගත් ලොව දෙවැනි පන්දු යවන්නා බවට පත් වෙමින් එම සුවිශේෂී වාර්තා 3 ට හිමිකම් කීවේය.

එහිදී ප්‍රථමයෙන්ම විස්සයි-20 තරග ඉතිහාසයේ කඩුලු 100 ක් දවා ගත් ලොව පළමු පන්දු යවන්නා බවට පත් වූ මාලිංග, ඊළඟට යවන ලද පන්දු 2 දී තවත් කඩුලු 2 ක් දවා ගනිමින් කඩුලු ත්‍රිත්ව 2 කට හිමිකම් කී ලොව පළමු වැන්නාගේ ලෝක වාර්තාවලට හිමිකම කීවේය. නවසීලන්ත පිලේ වඩාත්ම පළපුරුදු පිතිකරුවා වූ රොස් ටේලර්ව සිව්වැනි පන්දුවෙන් දවා ගත් මාලිංග පිට පිට  පන්දු 4 කදී කඩුලු 4 ක්දවා ගත් ලොව දෙවැනි විස්සයි-20 ක්‍රීඩකයා බවට ද පත්විය. ඇෆ්ගනිස්තාන පිලේ රශීඩ් ඛාන් පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගත් ලොව පළමු විස්සයි-20 ක්‍රීඩකයා වන්නේය.

මාලිංගගේ පළමු ගොදුර බවට පත්වූයේ කොලින් මුන්රෝය. තෙවැනි පන්දුවාරයේ පළමු පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දවාලමින් මුන්රෝව දවා ගත් මාලිංග සිය විස්සයි-20 තරග දිවියේ කඩුලු 100 සීමාව ඉක්මවා යන ලද්දේ ක්‍රීඩා කරන ලද 76 වැනි තරගයේදීය. අනතුරුව හමීෂ් රදර්ෆර්ඩ් සහ කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් දවා ගත් මාලිංග කඩුලු ත්‍රිත්ව දෙකකට හිමිකම් කී ලොව පළමු පන්දු යවන්නාගේ ලෝක වාර්තාවට හිමිකම් කීවේය.  අනතුරුව යවන ලද සිව්වැනි පන්දුවේදී රොස් ටේලර්ගේ කඩුල්ල දවා ගනිමින් විස්සයි-20 තරගවල පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගත් ලොව දෙවැනි පන්දු යවන්නා බවටද පත්වූවේය.

විස්සයි-20 තරග දිවියේ නොවුණත් පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගත් පළමු අවස්ථාව ලෙසින් මාලිංගගේ දක්ෂතාවය ඉතිහාසයට එක් විය. මාලිංග මීට පෙර එක්දින තරග අංශය යටතේ පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගැනීමට සමත්ව සිටින්නේය. 2007 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගනිමින් ලෝක පූජිත පන්දු යවන්නකු බවට පත්වූවේය.

ඉන් නොනැවතුණු මාලිංග තෙවැනි පන්දුවාරයේදී තවත් කඩුල්ලක් දවා ගනිමින් තරගයේ 5 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වූවේය. මාලිංගගේ මෙම සුවිශේෂී පන්දු යැවීම ප්‍රධාන කොට එම තරගයේදී ලකුණු 37ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය..

විස්සයි-20 තරගයකදී කිසිසේත්ම ප්‍රමාණවත් නොවන ලකුණු 125 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත පිල පන්දුවාර 16 කදී ලකුණු 88 කට සීමා කිරීමට ලසිත් මාලිංග ප්‍රමුඛ පන්දු යවන්නෝ සමත්වීම මත තරග 3 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ගෞරවාන්විතව අවසන් කර ගැනීමේ අවස්ථාවද ශ්‍රී ලංකා කණ්ඩායමට උදා විය.

පන්දු යැවීමේදී දක්වන ලද දක්ෂතා ප්‍රධාන කොට තරගයේ වීරයා ලෙසින් ලසිත් මාලිංග සම්මාන දිනා ගනිද්දී තරගාවලියේ වීරයා ලෙසින් නවසීලන්ත නායක ටිම් සවුති සම්මාන දිනාගත්තේය.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest