slc
Home   |    News
සැප්තැම්බර් 10, 2019
ක්‍රීඩකයින් 10 දෙනෙක් පාකිස්තානු සංචාරයට අකමැත්ත පළ කරයි

Sri Lanka Cricket

මෙම මස 27 වැනිදා සිට පාකිස්තානයේ පැවැත්වීමට එක්දින සහ විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන ආරක්ෂාව සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මූලික සංචිතයේ ක්‍රීඩකයින්ව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගනු ලැබීය.

අදාළ තරග සංචාරයේ ආරක්ෂක විධිවිධාන පිළිබඳව දැනුවත් කිරීමට අමතරව මෙම සාකච්ඡාව පැවැත්වීමේ තවත් අරමුණක් බවට පත්වූයේ  එක්දින සහ විස්සයි-20 තරගාවලි සදහා කණ්ඩායම් නම් කිරීමට පෙර ක්‍රීඩකයින් එම තරග සංචාරය සඳහා සහභාගිවීමට කැමැත්තක් දක්වන්නේද නැද්ද යන්න පිළිබඳව දළ අදහසක් ලබාගැනීමය.

ලබන සැප්තැම්බර් මස 27 වැනිදා සිට ඔක්තෝම්බර් 09 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරග සංචාරය යටතේ එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත්ව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැති මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන හිටපු ගුවන් හමුදාපති එයාර් මාෂල් රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙහිදී ගුණතිලක මහතා විසින් පාකිස්තානයේ වර්තමාන ආරක්ෂක තත්ත්වය පිළිබඳ මෙන්ම සමස්ථ තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන ආරක්ෂාව සම්බන්ධව පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් සිදු කිරීමට බලාපොරොත්තු වන විධි විධානයන් පිළිබඳව ක්‍රීඩකයින් පුළුල් ලෙස දැනුවත් කරනු ලැබීය.

මෙම අවස්ථාවට තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා ද සහභාගි වූ අතර ඔහු ඉදිරි සංචාරය සඳහා කණ්ඩායම් තේරීම් සම්බන්ධ ප්‍රතිපත්ති පිළිබඳව පැහැදිළි කිරීමක් සිදු කළේය. කෙසේ වෙතත් අදාළ සංචාරයට සහභාගි වීම හෝ නොවීම සම්බන්ධව තීරණයක් ගැනීමේ නිදහස ක්‍රීඩකයන් සතු වන බවද තේරීම් කමිටු සභාපතිවරයා අවධාරණය කර සිටියේය.

ඒ අනුව පහත සඳහන් ක්‍රීඩකයින් 10 දෙනා ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාකිස්තානු තරග සංචායෙන් ඉවත් වී සිටීමට තීරණය කළහ.

  1. නිරෝෂන් දික්වැල්ල
  2. කුසල් පෙරේරා
  3. ධනංජය ද සිල්වා
  4. තිසර පෙරේරා
  5. අකිල ධනංජය
  6. ලසිත් මාලිංග
  7. ඇන්ජලෝ මැතිව්ස්
  8. සුරංග ලක්මාල්
  9. දිනේෂ් චන්දිමාල්
  10. දිමුත් කරුණාරත්න

නවසීලන්තය සමඟ ඉකුත්දා පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි විස්සයි-20 තරගය අතරතුරදී ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස්ට සති 6 ක පමණ විවේකයක් අවශ්‍ය බැවින් ඔහු මෙම තරග සංචාරයේ තේරීම්වලට ඇතුළත් නොවනු ඇත.

ක්‍රීඩකයින් සමඟ පැවැති අදාළ දැනුවත් කිරීමෙන් අනතුරුව පාකිස්තානු සංචාරය සඳහා නම් කරන ලද එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් දෙක ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය සඳහා යැවීමට කටයුතු කරනු ලැබීය.

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest