slc
Home   |    News
සැප්තැම්බර් 20, 2019
දූෂණ මර්ධන අංශයෙන් කාලෝචිත වැඩසටහන් පෙළක්

Sri Lanka Cricket

විස්සයි-20 තරග රටාව හඳුන්වා දීමත් සමඟ ක්‍රිකට් යනු ලෝකයේම ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත් වෙමින් තිබෙන ක්‍රීඩාවක්. ජනප්‍රියත්වය එසේ ළඟා වද්දී  එම ක්‍රීඩාව තුළ සිදුවන දූෂණයන්ද දිනෙන් දිනෙම වැඩි වීම බරපතල තත්ත්වයක්. අද වන විට ලෝකයේ බොහෝ රටවල මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දී සිටීම නිසා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන අංශය ඒ පිළිබඳව සිටින්නේ දැඩි අවධානයකින්. ඒ නිසා මේ පිළිබඳව පූර්ණ අවධානයක් යොමු කරන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සෑම රටක්ම දැනුවත් කිරීමට පියවර ගෙන තියෙනවා. අන්න ඒ අනුව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ උපදෙස් මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාවත් දූෂණයෙන් තොරව පවත්වාගෙන යෑම වෙනුවෙන් බිම් මට්ටමේ ඉඳලා දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කරන්න කටයුතු යෙදුවේ.

මේ කටයුත්ත මූලික වශයෙන්ම භාර වෙලා තියෙන්නේ තේජක වනිගසේකර මහතාට. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිර්දේශ කිරීමක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන අංශයේ ප්‍රධානියා ලෙස පත්වෙලා ඉන්න තේජක මහතා මේ කටයුත්තට මුලින්ම අත ගැහුවේ මේ වසරේ මුල් කාලේ ඉඳලයි.

තේජක මහතා කියන විදියට මේ වැඩ සටහනෙහි මූලිකම අරමුණ වෙලා තියෙන්නේ කළින් කිව්වා වගේ දේශීය ක්‍රීඩා සමාජ පිටියේ ඉන්න ක්‍රීඩකයින්ව දැනුවත් කරන එක. එය දීර්ඝ කාලීන මෙන්ම කෙටි කාලීන වශයෙන් කොටස් දෙකකට බෙදන වැඩ සටනක්. දේශීය ක්‍රීඩා සමාජ තරගාවලිය නියෝජනය කරන්න සුදුසුකම් ලබන්නේ පාසල් මට්ටමේ ක්‍රීඩකයින් නිසා මේ වැඩසටහනට පාසල් වයසේ ළමුන්ද ඇතුළත් වනවා කියලා තමයි තේජක මහතා කියන්නේ.

මේ ගැන තේජක මහතා සිය හඬ අවදි කර සිටියේ මේ අයුරින්. “ඇත්තටම මේ වගේ දැනුවත් කිරීම් මීට කළිනුත් කරලා තියෙනවා. ඒත් පසුගිය කාලේ වෙච්ච සිදුවීම් දිහා බැලුවහම මේක ටිකක් තදින් කරන්න ඕන කියන තැනට දැන් අයි. සී. සී. එකත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් ඇවිල්ලා තියෙනවා. අපිට අවශ්‍ය අපේ ක්‍රිකට් ක්‍රීඩාව දූෂණයෙන් තොරව පවත්වාගෙන යන්න. අන්න ඒක නිසයි අපි බිම් මට්ටමේ ඉඳලම මේ වගේ වැඩ සටහනක් ආරම්භ කළේ. ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධව කටයුතු කරන ක්‍රීඩා සමාජ, අනෙකුත් ආයතන සහ පාසල් ආවරණය වන පරිදි මෙම වැඩසටහන් සකස් කරලා තියෙන්නේ”.  

“මේක ඇත්තටම දැනුවත් කිරීමක් පමණක් නොවෙයි. තරගයක් තුළදී එවැනි අවස්ථා අවම කිරීම සහ දේශීය තරගාවලිවල ක්‍රීඩාවේ ජීව ගුණයට හානි නොවන අයුරින් වූ නීති රාමුවක්ද හඳුන්වා දෙනවා. මෙය පාසල් මට්ටමෙන් ගැඹුරින්ම සිදු නොවුණත් ඔවුන් ගැන අපි අවධානය යොමු කළේ ඒ ක්‍රීඩකයින් කවද හරි දේශීය තරග පිටිය, දෙවැනි පෙළ සහ ජාත්‍යන්තර තරග පිටියට සුදුසුකම් ලබන ක්‍රීඩකයින් වන නිසයි” යිතේජක මහතා සිය වැඩ සටහන පිළිබඳව කරුණු දක්වයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකයේ පූර්ණ දායකත්වය යටතේ සිදු කෙරෙන මෙම වැඩසටහන වයස් සීමාවන් අනුව වෙන් වෙන් වශයෙන් පවත්වනු ලබන්නක්. පාසල් මට්ටමේ ක්‍රීඩකයින්ට දූෂණ මර්ධන විරෝධී නීති සංග්‍රහය පිළිබඳව දැනුවත් කිරීමක් නොකළත්, ක්‍රීඩාව පවත්වාගෙන යෑමේදී ක්‍රීඩකයකු සතු විය යුතු ගුණාංග සහ තවත් බොහෝ දේ පිළිබඳව කරුණු මේ වැඩ සටහන යටතට ඇතුළත් වෙනවා.

එහිදී මූලික වශයෙන්

  • විනය
  • නිහතමානී කම
  • අන්‍යෝන්‍ය ගරු කිරීම
  • සමාජ ජාලා පරිශීලනය සහ එහි අයහපත් ආදීන

යන කරුණු පිළිබඳව පාසල් ක්‍රීඩකයින්ව වැඩි දැනුවත් භාවයක් සිදු කරනු ලබනවා.

මෙහි ගැඹුරුම කොටස අයත් වන්නේ දේශීය ක්‍රීඩා සමාජ තලයේ පසුවන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට.

“පාසල් ළමුන් වෙනුවෙන් නීති සංග්‍රහයක් අපි කියලා නොදුන්නත් ඊට ඉහළ මට්ටමේ ක්‍රීඩා කරන සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම නීති සංග්‍රහයකට යටත් වෙලා ක්‍රීඩා කරන්න සිද්ධ වෙනවා. මේක ගොඩක්ම වැදගත් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන දේශීය ක්‍රීඩා සමාජ තරගාවලිය නියෝජනය කරනු ලබන අයට. ක්‍රීඩා සමාජ තරගයකට ක්‍රීඩා කරන්න වරම් ලබපු දවසේ ඉඳල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති මාලාවන්ට අනුව ක්‍රීඩා කළ යුතුයි. ඒ තත්ත්වයට ආවම මේ ගැන ඔවුන් දැනුවත්ද නොදැනුවත්ද කියන එක එතැනදි සැලකිල්ලට ගන්නේ නෑ. අන්න ඒක නිසා අපි කරන්නේ ඒ පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන එකයි” තේජක මහතා වැඩිදුරටත් කරුණු පහදයි.

කිසියම් අයෙකු විසින් තරගයක් පාවාදීමට පොළඹවා ගැනීමට උත්සාහ ගැනීමේදී ඒ පිළිබඳව හැසිරෙන ආකාරය, එයින් වැළකෙන ආකාරය, එවැනි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය මෙන්ම කළ යුතු සහ නොකළ යුතු දේවල් පිළිබඳව එම තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ව ප්‍රධාන වශයෙන් දැනුවත් කරයි.

ගෙවී ගිය මාස කිහිපය ඇතුළත පාසල් ක්‍රීඩකයින්, දේශීය තරගාවලිය නියෝජනය ක්‍රීඩකයින්, ක්‍රීඩාංගණ නිලධාරීන් සහ එහි සේවක පිරිස්, විනිසුරුවන්, තරග තීරකවරුන්, අවුරුදු 19 න් පහළ පළාත් කණ්ඩායම්, නැගී එන කණ්ඩායම් වලට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයේ නියුතු නිලධාරීන්ද මෙම වැඩ සටහන යටතේ දැනුවත් කිරීමට තේජක වනිගසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දූෂණ විමර්ශන කමිටුව කටයුතු යොදා තිබේ. මේ සඳහා සහායට විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන පාලිත සෙනෙවිරත්න මහතාත් හවුල් වෙනව කියලා තමයි මෙරට දූෂණ මර්ධන අංශයේ ප්‍රධානියා පැවැසුවේ.  

මේ ගැන අවසන් වශයෙන් අදහස් දක්වපු තේජක මහතා, “ඇත්තටම මේක එක පාරක් කරලා නවත්තන්න පුළුවන් වැඩ සටහනක් නොවෙයි. අන්න ඒකයි මම කළින් කිව්වේ මේක දීර්ඝ සහ කෙටි කාලීන වශයෙන් පවත්වනවා කියලා. මේ වගේ දේවල් ගැන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිගින් දිගටම දැනුවත් කළ යුතුයි. අවම වශයෙන් අවුරුද්දකට එක සැරයක් හරි ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ උදවිය මේ ගැන දැනුවත් විය යුතුයි”යි පවසයි.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest